සමාන්තර ශ්‍රේඪි

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සමාන්තර ශ්‍රේඪි පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සංඛ්‍යා රටාවක් ලයිස්තුවක් ලෙස ලියූ විට එය සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වන බව
  • සංඛ්‍යා අනුක්‍රමයේ එක ළඟ පිහිටි පද අනුයාත පද ලෙස හඳුන්වන බව
  • සමාන්තර ශ්‍රේඪියක අනුයාත පද දෙකක් අතර වෙනස එනම්,පෙර පදය පසු පදයෙන් අඩුකල විට ලැබෙන අගය නියත අගයක් බව
  • සමාන්තර ශ්‍රේඪියක පෙර පදය පසු පදයෙන් අඩුකල විට ලැබෙන නියත අගය පොදු අන්තරය (𝑑) ලෙස හඳුන්වන බව
  • සමාන්තර ශ්‍රේඪියක පොදු අන්තරය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සමාන්තර ශ්‍රේඪියක 𝑛 වැනි පදය සෙවීම සම්බන්ධ සූත්‍රය ගොඩනැගීම
  • සමාන්තර ශ්‍රේඪියක 𝑛 වැනි පදය සෙවීම සම්බන්ධ සූත්‍රය 𝑇ₙ = 𝑎 + (𝑛−1)𝑑 බව
  • 𝑇ₙ = 𝑎 + (𝑛−1)𝑑 හි 𝑎 මගින් මුල් පදය ද, 𝑇ₙ මගින් 𝑛 වැනි පදය ද 𝑛 මගින් පද ගණන ද 𝑑 මගින් පොදු අන්තරය ද දක්වන බව හැඳින්වීම
  • සමාන්තර ශ්‍රේඪියක 𝑛 වැනි පදය සෙවීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සමාන්තර ශ්‍රේඪියක මුල් පද 𝑛 හි ඓක්‍යය සෙවීම සම්බන්ධ සූත්‍ර Sₙ =𝑛/2(𝑎+𝑙) සහ Sₙ =𝑛/2{2𝑎+(𝑛−1)𝑑} බව හැඳින්වීම
  • Sₙ =𝑛/2(𝑎+𝑙) හි 𝑎 මගින් මුල් පදය ද, Sₙ මගින් මුල් පද 𝑛 හි එකතුවද 𝑛 මගින් පද ගණන ද 𝑙 මගින් අවසාන පදය ද දක්වන බව හැඳින්වීම
  • Sₙ =𝑛/2{2𝑎+(𝑛−1)𝑑} හි 𝑎 මගින් මුල් පදය ද, Sₙ මගින් මුල් පද 𝑛 හි එකතුවද 𝑛 මගින් පද ගණන ද 𝑑 මගින් පොදු අන්තරය ද දක්වන බව හැඳින්වීම
  • සමාන්තර ශ්‍රේඪියක මුල් පද 𝑛 හි ඓක්‍යය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සමාන්තර ශ්‍රේඪියක 𝑛 වැනි පදය සහ මුල් පද 𝑛 හි ඓක්‍යයෙහි යෙදීම් සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • සමාන්තර ශ්‍රේඪි සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පළමුවන පදය / මුල් පදය - First term
  • සංඛ්‍යා අනුක්‍රමය - Sequence of numbers
  • පෙර පදය - The preceding term
  • අනුයාත පද - Consecutive terms
  • නියත අගය - Constant value
  • පොදු අන්තරය - Common difference
  • සූත්‍රය - Formula
  • 𝑛 වැනි පදය - nth term
  • පද ගණන - Number of terms
  • මුල් පද 𝑛 හි ඓක්‍යය - Sum of first n terms
  • අවසාන පදය - Last term
  • පූර්ණ සංඛ්‍යාව - Whole number
  • ඍණ අගය - Negative value

Tags