සමාන්තරාස්‍ර 1

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සමාන්තරාස්‍ර 1 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • චතුරස්‍රයක් යනු සරල රේඛා ඛණ්ඩ හතරකින් වටවූ සංවෘත තල රූපයක් බව හැඳින්වීම
  • චතුරස්‍රයක සම්මුඛ පාද සහ සම්මුඛ කෝණ හැඳින්වීම
  • සමාන්තරස්‍රයක් යනු සම්මුඛ පාද යුගල දෙකම සමාන්තර වූ චතුරස්‍රයක් බව හැඳින්වීම
  • සමාන්තරස්‍රයක සම්මුඛ පාද සමාන බව, සම්මුඛ කෝණ සමාන බව, එක් එක් විකර්ණය මගින් සමාන්තරාස්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරන බව සහ සමාන්තරාස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බව සාකච්ඡා කිරීම
  • සමාන්තරස්‍රයක ලක්ෂණ සම්බන්ධ ප්‍රමේයයේ විධිමත් සාධනය
  • පයිතගරස් සම්බන්ධය, සමාන්තරසයක වර්ගඵලය, ත්‍රිකෝණය වර්ගඵලය සහ සමාන්තරස්‍රයක ලක්ෂණ සම්බන්ධ ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණ අංගසාම්‍යය සහ සමාන්තරස්‍රයක ලක්ෂණ සම්බන්ධ ගැටලුවක් සාධනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • සමාන්තරාස්‍ර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • චතුරස්‍රය - Quadrilateral
  • සරල රේඛා ඛණ්ඩ - Straight line segment
  • සංවෘත තල රූපය - Closed plane figure
  • සම්මුඛ පාද - Opposite sides
  • සම්මුඛ කෝණ - Opposite angles
  • සමාන්තර - parallel
  • විකර්ණය - Diagonal
  • වර්ගඵලය සමච්ඡේදනය - Area is bisected
  • විකර්ණ එකිනෙක සමච්ඡේදනය - Diagonals bisect each other
  • සමාන්තරස්‍රයක ලක්ෂණ - Properties of a parallelogram
  • ප්‍රමේයය - Theorem
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation
  • ත්‍රිකෝණ අංගසාම්‍යය -Congruence of triangles
  • දත්තය - Data
  • සාධනය කල යුත්ත - To be proved
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • පොදු පාදය - Common side
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • කෝ.කෝ.පා - Case AAS
  • වර්ගඵලය - Area
  • දිග - Length
  • ලම්බ උස - Perpendicular height
  • ආධාරකය - Base
  • ඡේදනය - Intersect
  • ලක්ෂ්‍යය - Point
  • ප්‍රත්‍යක්ෂ - Axioms
  • සාධිතයි - Proved
  • පා.පා.පා - Case SSS

Tags