ලඝුගණක 2

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ලඝුගණක 2 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • දහයේ පාදයට දහයේ ගුණාකාරයක ලඝුගණකයේ අගය ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • දහයේ පාදයට යන්න වෙනුවට lg යන්න භාවිතා කල හැකි බව හැඳින්වීම
  • ලඝුගණක ආකාරයෙන් දක්වා ඇති ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් දැක්වීම
  • ලඝුගණක වගු හැඳින්වීම
  • ලඝුගණක වගුවල මධ්‍යන්‍ය අන්තර හැඳින්වීම
  • එක දශමස්ථානයක් ඇති 1ත් 10 ත් අතර සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දශමස්ථාන දෙකක් දක්වා ඇත 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දශමස්ථාන තුනක් දක්වා ඇත 1ත් 10ත් අතර සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • 10 ට වඩා විශාල සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ඉලක්කම් හතරකට වැඩි සංඛ්‍යාවක ලඝුගණකය සෙවීමට පෙර එම සංඛ්‍යාව ඉලක්කම් හතරක් දක්වා වටයා අදාල ලඝුගණකය වගුවෙන් ලබාගත යුතු බව හැඳින්වීම
  • මධ්‍යන්‍ය අන්තරය ලබා ගැනීමේදී අදාල අගය නැති අවස්ථාවල ළගම අඩු අගය ලබාගත යුතු බව හැඳින්වීම
  • 10 ට වඩා විශාල සංඛ්‍යාවක ලඝුගණකය ලබා ගැනීමේදී පූර්ණාංශය ලබා ගැනීමේ කෙටි ක්‍රම දෙකක් හැඳින්වීම
  • ප්‍රතිලඝුගණකය යනු කුමක්දැයි හැඳින්වීම
  • සංඛ්‍යාවක ප්‍රතිලඝුගණකය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1ට වැඩි සංඛ්‍යා ගුණ කිරීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1ට වැඩි සංඛ්‍යා බෙදීම
  • ලඝුගණක නීති යටතේ ගුණිතයෙහි ලඝුගණකය, ලඝුගණකවල එකතුවට සමාන බව ලඝුගණක සම්බන්ධ ගැටලු විසඳීමට යොදා ගැනීම
  • ලඝුගණක නීති යටතේ බෙදීමක ලඝුගණකය, ලඝුගණකවල වෙනසට සමාන බව ලඝුගණක සම්බන්ධ ගැටලු විසඳීමට යොදා ගැනීම
  • ලඝු ගණක වගු භාවිතයෙන් 1ට වැඩි සංඛ්‍යා ගුණ කිරීමේදී සහ බෙදීමේදී අවසාන පිළිතුර පරීක්ෂා කිරීමට ගණක යන්ත්‍රය භාවිතා කල හැකි බව හැඳින්වීම
  • ලඝුගණක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ගණක යන්ත්‍රය භාවිතයෙන් ලඝුගණක ඇසුරෙන් ලැබුණු පිළිතුර පරීක්ෂා කිරීම

වචන මාලාව (Glossary) 

  • දර්ශක - Indices
  • දර්ශක ආකාරය - Index form
  • ලඝුගණක ආකාරය - Logarithm form
  • පාදය - Base
  • ලඝුගණක නීති - Laws of logarithms
  • ගුණිතය - Product
  • බෙදීමක් ආකාරයෙන් - As a division
  • දහයේ ගුණාකාරය - Multiple of ten
  • ලඝුගණක වගු - Logarithms table
  • මධ්‍යන්‍ය අන්තර - Mean difference
  • පූර්ණාංශය - Characteristic
  • දශමාංශය - Mantissa
  • දශමස්ථානය - Decimal point
  • ප්‍රතිලඝුගණකය - Antilogarithm
  • ගණක යන්ත්‍ර - Calculator
  • විද්‍යාත්මක අංකනය - Scientific notation
  • ගුණකිරීම - Multiplication
  • බෙදීම - Division

Tags