ත්‍රිකෝණ 2

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ත්‍රිකෝණ 2 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමද්විපාද ත්‍රිකෝණ හැඳින්වීම
  • සම්මුඛ කෝණ හැඳින්වීම
  • සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂය හැඳින්වීම
  • "ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම්, ඒ පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ" ප්‍රමේයය හැඳින්වීම
  • "ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම්, ඒ පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ" ප්‍රමේයය විධිමත් සාධනය
  • "ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම්, ඒ පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ" ප්‍රමේයය සම්බන්ධ දැනුම භාවිතයෙන් ගැටලු විසඳීම
  • සම්මුඛ පාද හැඳින්වීම
  • සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය හැඳින්වීම
  • "ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම්, එම සමාන කෝණ වලට ඒ පාදවලට සම්මුඛව පිහිටන පාද ද සමාන වේ." යනු සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයයේ බව හැඳින්වීම
  • සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු ජ්‍යාමිතිය සම්බන්ධ දැනුම භාවිතයෙන් විසඳීම
  • අනුමේයය සාධනය
  • සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇඳි ලම්බය නිර්මාණය කිරීම
  • සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂ කෝණයේ සමච්ඡේදකය නිර්මාණය කිරීම
  • සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යයට ශීර්ෂය යා කරන රේඛාව ඇඳීම
  • සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්භ සමච්ඡේදකය නිර්මාණය කිරීම
  • සමද්විපාද ත්‍රිකෝණයක, ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇඳි ලම්බයත් ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයත් ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යයට ශීර්ෂය යා කරන රේඛාවත් ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්භ සමච්ඡේදකයත් එකිනෙක සමපාත වන බව ක්‍රියාකාරකමක් මගින් ඔප්පු කිරීම
  • ත්‍රිකෝණ 2 සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සමද්විපාද ත්‍රිකෝණ - Isosceles triangles
  • පාදයට සම්මුඛ කෝණය - Angle opposite to the side
  • කෝණයට සම්මුඛ පාදය - Side opposite to the angle
  • ශීර්ෂය - Apex
  • බද්ධ කෝණ - Adjacent angles
  • පරිපූරක කෝණ - Supplementary angles
  • ප්‍රමේයය - Theorem
  • ප්‍රමේයයේ විලෝමය - Converse of the theorem
  • පොදු පාදය - Common side
  • අංගසම ත්‍රිකෝණ - Congruent triangles
  • අනුරූප අංග - Corresponding elements
  • පා.කෝ.පා. අවස්ථාව - Case SAS
  • කෝ.කෝ.පා. අවස්ථාව - Case AAS
  • කෝ.කෝ.පා. අවස්ථාව - Case AAS
  • කර්ණ පා.අවස්ථාව - Case RHS
  • ඓක්‍යය - Sum
  • විශාලත්වය - Magnitude
  • ත්‍රිකෝණය - Triangle
  • විධිමත් සාධනය - Formal proof
  • දත්තය - Data
  • සාධනය කළ යුත්ත - To be proved
  • නිර්මාණය - Construction
  • කෝණ සමච්ඡේදකය - Bisector of the angle / Angle bisector
  • ලම්භය - Perpendicular
  • ලම්භ සමච්ඡේදකය - Perpendicular bisector
  • මධ්‍ය ලක්ෂ්‍යය - Mid point
  • සාධනය - Proof
  • සාධිතයි - Proved
  • ප්‍රත්‍යක්ෂ - Axioms
  • බාහිර කෝණ - Exterior angles
  • අභ්‍යන්තර කෝණ - Interior angles
  • ඍජුකෝණ - Right angles
  • සරල රේඛාව - Straight line
  • ලක්ෂ්‍යක් වටා පිහිටි කෝණ - Angles around a point
  • අභ්‍යන්තර සම්මුඛ කෝණ - Interior opposite angles
  • දික් කල පාදය - Side is produced
  • අනුමේයය - Riders
  • ප්‍රමේයයේ යෙදීම් - Applications of the theorem

Tags