ලඝුගණක 1

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ලඝුගණක 1 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • දර්ශක ආකාරයෙන් දක්වා ඇති ප්‍රකාශනයක් ලඝුගණක ආකාරයෙන් දැක්වීම
  • ලඝුගණක ආකාරයෙන් දක්වා ඇති ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් දැක්වීම
  • 1 ට අඩු සංඛ්‍යාවක ලඝුගණකය සැමවිටම ඍණ බව හැඳින්වීම
  • ලඝුගණකවල සැම විට ම පාදය ධන වූ සංඛ්‍යා පමණක් සලකන බව හැඳින්වීම
  • ඕනෑම පාදයක් යටතේ, එම පාදයේ ලඝුගණකය 1 බව හැඳින්වීම
  • 1 හැර ඕනෑම පාදයකට, 1 හි ලඝුගණකය 0 බව හැඳින්වීම
  • ලඝුගණක නීති යටතේ ගුණිතයෙහි ලඝුගණකය, ලඝුගණකවල එකතුවට සමාන බව හා බෙදීමක ලඝුගණකය, ලඝුගණකවල වෙනසට සමාන බව හැඳින්වීම
  • ලඝුගණක සම්බන්ධ ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ලඝුගණක සම්බන්ධ සමීකරණ විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ලඝුගණක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • දර්ශක - Indices
  • දර්ශක ආකාරය - Index form
  • ලඝුගණක ආකාරය - Logarithm form
  • සුළු කිරීම - Simplify
  • පාදය - Base
  • බල - Powers
  • අගය සොයන්න - Find the value / Evaluate
  • ඍණ - Negative
  • ධන - Positive
  • ලඝුගණක නීති - Laws of logarithms
  • විසඳන්න - Solve
  • සමීකරණ - Equations
  • සත්‍යාපනය - Verify
  • ගුණිතය - Product
  • බෙදීමක් ආකාරයෙන් - As a division

Tags