කුලක

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල කුලක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කුලකයක් නිරූපනය කරන ක්‍රම විස්තර කිරීමක් ලෙස, අවයව ලියා දැක්වීම,වෙන් රූප සටහනක සහ කුලක ජනන ස්වරූපයෙන් දක්වන ආකාරය
  • ℤ සංකේතය නිඛිල දැක්වීමට යොදා ගන්නා බව හැඳින්වීම
  • කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකය හැඳින්වීම
  • කුලක දෙකක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවේ කුලකයකට අදාළ පෙදෙස් වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම
  • කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාවේ කුලකයකට අදාළ පෙදෙස් වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම
  • දී ඇති වෙන් රූප සටහන ඇසුරෙන් දී ඇති කුලක අවයව සහිතව ලිවීම
  • කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතාවය '𝑛(A ∪ B) = 𝑛(A ) + 𝑛( B) - 𝑛(A∩B)' බව හැඳින්වීම
  • කුලක දෙකක් වියුක්ත කුලක වන අවස්ථාවේ එම කුලක දෙකේ අවයව ප්‍රමාණ අතර සම්බන්ධතාවය 𝑛(A ∪ B) = 𝑛(A ) + 𝑛( B) බව හැඳින්වීම
  • කුලක දෙකක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවට සම්බන්ධ ගැටලුවක එක් එක් පෙදෙස මගින් නිරූපණය වන පිරිස දී ඇති තොරතුරු අනුව සෙවීම
  • දී ඇති තොරතුරු අනුව කුලක දෙකක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාව අනුව දැක්වීමට නිවැරදිව කුලක දෙකක් තෝරා ගන්නා ආකාරය සහ වෙන් රූපසටහනක දක්වන ආකාරය ගැටලු මගින් සාකච්ඡා කිරීම
  • දී ඇති තොරතුරු අනුව කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාව අනුව දැක්වීමට නිවැරදිව කුලක දෙකක් තෝරා ගන්නා ආකාරය සහ වෙන් රූපසටහනක දක්වන ආකාරය ගැටලු මගින් සාකච්ඡා කිරීම
  • කුලක දෙකක් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • කුලක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • විස්තර කිරීමක් ලෙස - As a description / The descriptive method
  • අවයව ලියා දැක්වීම - Listing elements
  • වෙන් රූප සටහන - Venn diagram
  • කුලක ජනන ස්වරූපය - Set builder method
  • කුලකයක අවයව - Elements of a set
  • නිඛිල - Integers
  • කුලකයකට අදාළ පෙදෙස් - Regions of set
  • වියුක්ත කුලක - Disjoint sets
  • කුලක ඡේදනය - Intersection of sets
  • කුලක මේලය - Union of sets
  • කුලක අනුපූරකය - Complement of sets
  • අභිශුණ්‍ය කුලකය - Null set
  • සර්වත්‍ර කුලකය - Universal set
  • උපකුලක - Subsets
  • සම්බන්ධතාවය - Relationship
  • අඳුරු කිරීම - Shade
  • භාගය - Fraction

Tags