පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සිලින්ඩරවල පොදු ලක්ෂණ ලෙස ඒකාකාර හරස්කඩක් සහිත වීම සහ දෙකෙළවර තල එකිනෙකට සමාන්තර වීම හැඳින්වීම
  • සිලින්ඩරයක අක්ෂය යනු වෘත්තාකාර පෘෂ්ඨවල කේන්ද්‍ර යා කරන රේඛාව ලෙස හැඳින්වීම
  • සිලින්ඩරයක ජනකයක් යනු වක්‍ර පෘෂ්ඨය මත එහි අක්ෂයට සමාන්තර ව පිහිටි ඕනෑම රේඛාවකට බව හැඳින්වීම
  • සිලින්ඩරයක අක්ෂය වෘත්තාකාර පෘෂ්ඨ දෙකට ලම්බක වේ නම් එවැනි සිලින්ඩර ඍජු වෘත්තාකාර සිලින්ඩර බව හැඳින්වීම
  • අරය 𝑟 සහ ලම්භ උස ℎ වන ඍජු වෘත්තාකාර ඝන සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය '2𝜋𝑟ℎ + 2𝜋r²' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ඍජු ප්‍රිස්මවල පොදු ලක්ෂණ ලෙස ඒකාකාර හරස්කඩක් සහිත වීම, එම ඒකාකාර හරස්කඩ බහුඅස්‍රයක් වීම සහ දෙපස පිහිටි බහුඅස්‍රාකාර මුහුණත්වලට පැති මුහුණත් ලම්භක වන බව හැඳින්වීම
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මවල හරස්කඩ සමපාද ත්‍රිකෝණයක්, සමද්විපාද ත්‍රිකෝණයක්, විෂම පාද ත්‍රිකෝණයක් හෝ ඍජුකෝණී ත්‍රිකෝණයක් විය හැකි බව හැඳින්වීම
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය ත්‍රිකෝණාකාර මුහුණත් දෙකේ සහ ඍජුකෝණාස්‍රාකාර මුහුණත් තුනේ වර්ගඵලවල එක්තුවෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පරිමාව හරස්කඩ වර්ගඵලය සහ උසෙහි ගුණිතයෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • අරය 𝑟 සහ ලම්භ උස ℎ වන ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පරිමාව '𝜋r²ℎ' සූත්‍රය භාවිතයෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පරිමාව සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ප්‍රිස්මයක පරිමාව හරස්කඩ වර්ගඵලය සහ උසෙහි ගුණිතයෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • ප්‍රිස්මයක පරිමාව සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • අර්ධ සිලින්ඩරාකාර හැඩැති ඝන වස්තුවක පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඒකාකාර හරස්කඩ - Uniform cross section
  • දෙකෙළවර තල එකිනෙකට සමාන්තර වීම - Two ends are parallel to each other
  • සිලින්ඩරයක අක්ෂය - Axis of a cylinder
  • වෘත්තාකාර තල - Circular planes
  • කේන්ද්‍ර - Centre
  • සිලින්ඩරයක ජනකය - Generator of a cylinder
  • වක්‍ර පෘෂ්ඨය - Curved surface
  • ලම්බක - Perpendicular
  • අරය - Radius
  • විශ්කම්භය - Diameter
  • පරිධිය - Circumference
  • එකතුව - Sum
  • ඍජු වෘත්තාකාර ඝන සිලින්ඩරය - Right circular cylinder
  • ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්ම - Right prisms with a triangular cross section
  • බහුඅස්‍රය - Polygon
  • සමපාද ත්‍රිකෝණය - Equilateral triangle
  • සමද්විපාද ත්‍රිකෝණය - Isosceles triangle
  • විෂම පාද ත්‍රිකෝණය - Scalene triangle
  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • චතුරස්‍රය - Quadrilateral
  • පංචාස්‍රය - Pentagon
  • සප්තාස්‍රය - Heptagon
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation
  • ඍජුකෝණාස්‍රාකාර මුහුණත - Rectangular surface
  • ත්‍රිකෝණාකාර මුහුණත - Triangular surface
  • උස - Height
  • හරස්කඩ වර්ගඵලය - Area of the cross section
  • අර්ධ සිලින්ඩරාකාර හැඩැති ඝන වස්තුවක - Semi - Cylindrical metal object

Tags