සමාන්තරාස්‍ර 2

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සමාන්තරාස්‍ර 2 පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය හැඳින්වීම
  • චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය හැඳින්වීම
  • චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය හැඳින්වීම
  • චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය හැඳින්වීම
  • විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාස්‍ර යටතේ ඍජුකෝණාස්‍රයක, සමචතුරස්‍රයක සහ රොම්බසයක ලක්ෂණ සාකච්ඡා කිරීම
  • එක් කෝණයක් ඍජුකෝණයක් වූ සමාන්තරාස්‍රය ඍජුකෝණාස්‍රයක් වන බව හැඳින්වීම
  • සමාන බද්ධ පාද දෙකක් ඇති ඍජුකෝණාස්‍රය සමචතුරස්‍රයක් වන බව හැඳින්වීම
  • බද්ධ පාද දෙකක් සමාන වෙන සමාන්තරාස්‍රය රොම්බසයක් වන බව හැඳින්වීම
  • චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම්, එම චතුරස්‍රය සමාන්තරස්‍රයක් වේ යන ප්‍රමේයය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • සමාන්තරාස්‍ර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • චතුරස්‍රය - Quadrilateral
  • සම්මුඛ පාද - Opposite sides
  • සම්මුඛ කෝණ - Opposite angles
  • සමාන්තර - parallel
  • විකර්ණය - Diagonal
  • වර්ගඵලය සමච්ඡේදනය - Area is bisected
  • විකර්ණ එකිනෙක සමච්ඡේදනය - Diagonals bisect each other
  • සමාන්තරස්‍රයක ලක්ෂණ - Properties of a parallelogram
  • ප්‍රමේයය - Theorem
  • විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාස්‍ර - Parallelograms with special properties
  • ඍජුකෝණාස්‍රය - Rectangle
  • සමචතුරස්‍රය - Square
  • රොම්බසය - Rhombus
  • ඍජුකෝණය - Right angle
  • බද්ධ පාද - Adjacent sides
  • ශීර්ෂ කෝණ - Vertex angles
  • විකර්ණ ඍජුකෝණී ව එකිනෙක සමච්ඡේද වේ - The diagonals bisect each other at right angles
  • සරල රේඛා ඛණ්ඩ - Straight line segment
  • සංවෘත තල රූපය - Closed plane figure
  • ත්‍රිකෝණ අංගසාම්‍යය -Congruence of triangles
  • දත්තය - Data
  • සාධනය කල යුත්ත - To be proved
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • ප්‍රත්‍යක්ෂ - Axioms
  • සාධිතයි - Proved
  • පා.පා.පා - Case SSS
  • පා.කෝ.පා. - Case SAS
  • අන්තර්ගත කෝණය - Included angle
  • අනුරූප අංග - Corresponding elements

Tags