සම්භාවිතාව

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල සම්භාවිතාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සසම්භාවී පරීක්ෂණ යනු ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතවම කිව නොහැකි පරීක්ෂණ අර්ථ දැක්වීම
  • නියැදි අවකාශය යනු සසම්භාවී පරීක්ෂණයක දී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ල අඩංගු කුලකය බව අර්ථ දැක්වීම
  • සිද්ධියක් යනු නියැදි අවකාශයේ උපකුලකයක් බව හැඳින්වීම
  • සරල සිද්ධි යනු එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි බව හැඳින්වීම
  • සංයුක්ත සිද්ධි යනු එක් ප්‍රතිඵලයකට වඩා අඩංගු සිද්ධි බව හැඳින්වීම
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ යනු නියැදි අවකාශයේ සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව එක සමාන වන පරීක්ෂණ බව හැඳින්වීම
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණවලදී යොදා ගනු ලබන්නේ සාධාරණ කාසියක් හෝ සවිධි(නොනැඹුරු ) දාදි කැටයක් හෝ සර්වසම එනම් හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වස්තුන් බව හැඳින්වීම
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයක සිද්ධියක සම්භාවිතාව ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයකට අදාළ නියැඳි අවකාශය ඇති ඕනෑම A සහ B සිද්ධි දෙකක, සිද්ධි දෙකේ ඡේදනය, සිද්ධි දෙකේ මේලය සහ එක් එක් සිද්ධිය සිදුවීමේ සම්භාවිතා වෙන වෙනම සැලකීමෙන්, "𝑛(A ∪ B) = 𝑛(A ) + 𝑛( B) - 𝑛(A∩B)" ඇසුරෙන් "P(A∪B) = P(A ) + P( B) - P(A∩B)" ලෙස ලබා ගැනීම
  • අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි යනු කිසියම් සිද්ධි දෙකක් එක්විට සිදු නොවන විට බව හැඳින්වීම
  • A සහ B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක් නම්, "A ∩ B = ∅" නිසා "P(A∪B) = P(A ) + P( B)" ලෙස සම්බන්ධතාවයක් ලබා ගැනීම
  • C යනු ඕනෑම සිද්ධියක් නම්, 𝑃(C) = 1− 𝑃(C') බව හැඳින්වීම
  • නියැදි අවකාශය කොටු දැලක නිරූපණය කරන ආකාරය
  • සසම්භාවි පරීක්ෂණයක නියැදි අවකාශය කොටු දැලක නිරූපණයෙන් පසු අදාල සම්භාවිතා ලබාගන්න ආකාරය
  • සසම්භාවී පරීක්ෂණයක එක් සිද්ධියක සිදුවීම, වෙනත් සිද්ධියක සිදුවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එවැනි සිද්ධි ස්වායත්ත සිද්ධි බව හැඳින්වීම
  • 𝑃(A ∩ B) = 𝑃(A). 𝑃(B) නම් A හා B ස්වායත්ත සිද්ධි වන බව හැඳින්වීම
  • නියැදි අවකාශය රුක් සටහනක නිරූපණය කරන ආකාරය
  • සසම්භාවි පරීක්ෂණයක නියැදි අවකාශය රුක් සටහනක නිරූපණයෙන් පසු අදාල සම්භාවිතා ලබාගන්න ආකාරය
  • සම්භාවිතාව සම්බන්ධ ගැටලු කිහිපයක් සහ ඒවාට පිළිතුරු ලබා ගන්නා ආකාරය හැඳින්වීම

වචන මාලාව (Glossary) 

  • සසම්භාවී පරීක්ෂණ - Random experiments
  • නියැදි අවකාශය - Sample space
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ - Experiments with equally likely outcomes
  • ප්‍රතිඵලයක සම්භාවිතාව - Probability of a selected outcome
  • සිද්ධියක සම්භාවිතාව - Probability of a the event
  • සිද්ධිය - Event
  • දාදු කැටය - Die
  • සාධාරණ කාසිය - Unbiased coin
  • සිරස - Head
  • අගය - Tail
  • නිශ්චිතවම කිව නොහැකි - Cannot say with certainly
  • කුලකය - Set
  • උපකුලකය - Subset
  • සරල සිද්ධි - Simple events
  • සංයුක්ත සිද්ධි - Composite events
  • අවයව ගණන - Number of elements
  • ඡේදනය - Intersection
  • මේලය - Union
  • ඉරට්ට සංඛ්‍යා - Even numbers
  • ඔත්තේ සංඛ්‍යා - Odd numbers
  • ත්‍රිකෝණ සංඛ්‍යා - Triangular numbers
  • ප්‍රථමක සංඛ්‍යා - Prime numbers
  • පහේ ගුණාකාර - Multiples of five
  • අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි - Mutually exclusive events
  • අභිශුණ්‍ය කුලකය - Null set
  • අනුපූරක සිද්ධි - Complement of an event
  • එකතුව - Sum
  • ස්වායත්ත සිද්ධි - Independent events
  • රුක් සටහන - Tree diagram
  • කොටු දැල - Grid

Tags