සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ත්‍රිකෝණයක වර්ගඵලය උච්චය සහ ආධාරකය ඇසුරෙන් ප්‍රකාශ කරන ආකාරය හැඳින්වීම
  • සමාන්තරාස්‍රයක වර්ගඵලය උච්චයෙහි දිග සහ ආධාරකය ඇසුරෙන් ප්‍රකාශ කරන ආකාරය හැඳින්වීම
  • උච්චයෙහි දිග උච්චය හෝ ලම්භ උස ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • එකම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තරස්‍ර වර්ගඵලයෙන් සමාන වන බව සම්බන්ධ ප්‍රමේයය හැඳින්වීම
  • එකම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තරාස්‍රවල වර්ගඵලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණයක් හා සමාන්තරාස්‍රයක්, එකම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටා ඇති නම්, එම ත්‍රිකෝණයේ වර්ගඵලය, එම සමාන්තරාස්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් වන බව සම්බන්ධ ප්‍රමේයය හැඳින්වීම
  • එකම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටා ඇති ත්‍රිකෝණ හා සමාන්තරාස්‍රවල වර්ගඵලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • එක ම ආධාරකයක් මත, හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වන බව සම්බන්ධ ප්‍රමේයය හැඳින්වීම
  • එකම ආධාරකය මත හා එක ම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි ත්‍රිකෝණවල වර්ගඵලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • චතුරස්‍රය - Quadrilateral
  • සම්මුඛ පාද - Opposite sides
  • සමාන්තර - parallel
  • විකර්ණය - Diagonal
  • සමාන්තරස්‍රයක ලක්ෂණ - Properties of a parallelogram
  • ප්‍රමේයය - Theorem
  • ත්‍රිකෝණ අංගසාම්‍යය -Congruence of triangles
  • සාධිතයි - Proved
  • පා.කෝ.පා. - Case SAS
  • අන්තර්ගත කෝණය - Included angle
  • පොදු පාදය - Common side
  • ලම්බ උස - Perpendicular height
  • ආධාරකය - Base
  • උච්චය - Altitude
  • අනුරූප කෝණ- Alternate angles
  • ත්‍රිකෝණය -Triangle
  • ත්‍රපීසියම - Trapezium
  • එක ම සමාන්තර රේඛා යුගලයක් - Between the same parallel lines
  • වර්ගඵලය - Area
  • අභ්‍යන්තර කෝණ - Interior angles
  • අංගසම ත්‍රිකෝණ - Congruent triangles

Tags