න්‍යාස

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල න්‍යාස පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • න්‍යාස අර්ථ දැක්වීම
  • න්‍යාසයක් නම් කරන ආකාරය සහ න්‍යාසයක අවයව හැඳින්වීම
  • න්‍යාසයක අවයව ලෙස ධන හෝ ඍණ සංඛ්‍යා, භාග, දශම, වීජීය පද හෝ වීජීය ප්‍රකාශන ලැබිය හැකි බව
  • න්‍යාසයක ගණය, "පේළි × තීර" ආකාරයට දක්වන බව සහ එය කියවන ආකාරය
  • පේළි න්‍යාස යනු එක් පේළියක් පමණක් ඇති න්‍යාස බව
  • තීර න්‍යාස එක් තීරයක් පමණක් ඇති න්‍යාස බව
  • සමචතුරස්‍ර න්‍යාස පේළි ගණන හා තීර ගණන සමාන වන න්‍යාස බව
  • ඒකක න්‍යාස සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ පිහිටි සියලු අවයව 1 වන අතර ඉතිරි අවයව සියල්ල 0 බව
  • සමමිති න්‍යාස සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණය වටා සමාන අවයව සමමිතික ව පිහිටන න්‍යාස බව
  • ඒකක න්‍යාස සහ සමමිති න්‍යාස යනු සමචතුරස්‍ර න්‍යාස වල විශේෂ අවස්ථා බව හැඳින්වීම
  • සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණය යන්න හැඳින්වීම
  • න්‍යාස එකතු කිරීමට එම න්‍යාස වලට එකම ගණය තිබිය යුතු බව
  • න්‍යාස අඩු කිරීමට එම න්‍යාස වලට එකම ගණය තිබිය යුතු බව
  • ගණය සමාන වූ න්‍යාස දෙකක එක් න්‍යාසයක එක් එක් අවයවය අනෙක් න්‍යාසයේ අනුරූප අවයවයට සමාන වන්නේ න්‍යාස දෙක සමාන අවස්ථාවේ දී එනම් න්‍යාස දෙකක සමානතාවයක් ඇති අවස්ථාවේදී බව හැඳින්වීම
  • න්‍යාසයකින් සංඛ්‍යාවක් ගුණ කරන ආකාරය
  • පළමු න්‍යාසයේ තීර ගණන දෙවන න්‍යාසයේ පේළි ගණනට සමාන වන ඕනෑම අවස්ථාවක න්‍යාස දෙකක ගුණිතය ලබා ගත හැකි බව
  • පළමු න්‍යාසයේ පේළි ගණන දෙවන න්‍යාසයේ තීර ගණන ඇසුරෙන් පිළිතුර ලෙස ලැබෙන න්‍යාසයේ ගණය තීරණය කල හැකි බව
  • පේළි න්‍යාසයක් තීර න්‍යාසයකින් ගුණ කරන ආකාරය
  • තීර න්‍යාසයක් පේළි න්‍යාසයකින් ගුණ කරන ආකාරය
  • පේළි න්‍යාසයක් සමචතුරස්‍ර න්‍යාසයක් ගුණ කරන ආකාරය
  • පළමු න්‍යාසයේ තීර ගණන දෙවන න්‍යාසයේ පේළි ගණනට සමාන වන ඕනෑම න්‍යාස දෙකක ගුණිතය ලබා ගන්නා ආකාරය
  • න්‍යාස සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • අවයව - Elements
  • ධන සංඛ්‍යා - Positive numbers
  • ඍණ සංඛ්‍යා - negative numbers
  • භාග - Fractions
  • දශම - Decimals
  • වීජීය පද - Algebraic terms
  • වීජීය ප්‍රකාශන - Algebraic expressions
  • න්‍යාසයක ගණය - Order of a matrix
  • පේළි - Rows
  • තීර - Columns
  • තුනේ දෙක - Three by two
  • පේළි න්‍යාස - Row matrices
  • තීර න්‍යාස - Column matrices
  • සමචතුරස්‍ර න්‍යාස - Square matrices
  • ඒකක න්‍යාස - Identity matrices
  • සමමිති න්‍යාස - Symmetric matrices
  • ප්‍රධාන විකර්ණය - Main diagonal
  • අනුරූප අවයවය - Corresponding elements
  • න්‍යාස දෙකක සමානතාවය - Equality of two matrices
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • ගුණ කිරීම - Multiplication

Tags