පයිතගරස් ප්‍රමේයය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල පයිතගරස් ප්‍රමේයය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පයිතගරස් ප්‍රමේයය යනු "ඍජුකෝණීක ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය, ඍජුකෝණය අඩංගු ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ ඓක්‍යයට සමාන වේ" යන්න බව හැඳින්වීම
  • සරල ක්‍රියාකාරකමකින් පයිතගරස් ප්‍රමේයය සත්‍ය වන බව ඔප්පු කිරීම
  • පයිතගරස් ප්‍රමේයය භාවිතයෙන් ගැටලු විසඳීම
  • පයිතගරස් ප්‍රමේයයේ භාවිත සම්බන්ධ ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • පයිතගරස් ත්‍රිත්ව යනු a² + b² = c² සමීකරණය තෘප්ත කරන 𝑎, 𝑏 හා 𝑐 අගයයන් පයිතගරස් ත්‍රිත්ව බව හැඳින්වීම
  • පයිතගරස් ත්‍රිත්වයක ගුණාකාර ද පයිතගරස් ත්‍රිත්ව වන බව හැඳින්වීම
  • පයිතගරස් ත්‍රිත්ව ලබා ගැනීමට යුක්ලිඩ් නම් ග්‍රීක ගණිතඥයා විසින් හඳුන්වා දුන් පරාමිතික සමීකරණ භාවිතා කල හැකි බව
  • පයිතගරස් ප්‍රමේයය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • කර්ණය - Hypotenuse
  • සමචතුරස්‍රයේ වර්ගඵලය - Area of a square
  • ඓක්‍යය - Sum
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation
  • පයිතගරස් ත්‍රිත්ව - Pythagorean triples
  • තෘප්ත කරන - Satisfies
  • ගුණාකාර - Multiples
  • තිරස් - Horizontal
  • සිරස් - Vertical
  • භාවිත - Applications
  • ලම්භය - Perpendicular
  • බව පෙන්වන්න - Show that
  • පරාමිතික සමීකරණ - Parametric equations

Tags