ගුණෝත්තර ශ්‍රේඪි

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ගුණෝත්තර ශ්‍රේඪි පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පොදු අනුපාතය හැඳින්වීම
  • පොදු අන්තරය සහ පොදු අනුපාතය අතර වෙනස සාකච්ඡා කිරීම
  • මුල් පදය හැර වෙනත් ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදූ විට විට නියත අගයක් ලැබෙන සේ ඇති සංඛ්‍යා අනුක්‍රම ගුණෝත්තර ශ්‍රේඪි බව හැඳින්වීම
  • ගුණෝත්තර ශ්‍රේඪියක 𝑛 වන පදය සොයා ගැනීමට සූත්‍රය සකස් කර ගන්නා ආකාරය
  • ගුණෝත්තර ශ්‍රේඪියක 𝑛 වන පදය සොයා ගැනීමට සකස් කරගත් සූත්‍රය ඇසුරෙන් ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ගුණෝත්තර ශ්‍රේඪියක මුල් පද 𝑛 වල ඓක්‍යය සොයා ගැනීමට සූත්‍රය සකස් කර ගන්නා ආකාරය
  • පොදු අනුපාතය 1 ට අඩු අගයක් හෝ 1 ට වැඩි අගයක් වීම මත ගුණෝත්තර ශ්‍රේඪියක මුල් පද 𝑛 වල ඓක්‍යය සොයා ගැනීමට සූත්‍ර දෙකක් ඇති බව
  • පොදු අනුපාතයට ලැබෙන අගය අනුව ගුණෝත්තර ශ්‍රේඪියක මුල් පද 𝑛 වල ඓක්‍යය සොයා ගැනීමට අදාල සූත්‍රය තෝරාගෙන ආදේශ කර අවසාන පිලිතුර ලබා ගැනීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ගුණෝත්තර ශ්‍රේඪි සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පළමු වන පදය / මුල් පදය - First term
  • සංඛ්‍යා අනුක්‍රමය - Sequence of numbers
  • පෙර පදය - Preceding term/Previous term
  • පසු පදය - Following term
  • අනුයාත පද - Consecutive terms
  • නියත අගය - Constant value
  • පොදු අන්තරය - Common difference
  • පොදු අනුපාතය - Common ratio
  • සූත්‍රය - Formula
  • 𝑛 වන පදය - nth term
  • මුල් පද 𝑛 වල ඓක්‍යය - Sum of the first 𝑛 terms
  • පද ගණන - number of terms

Tags