කොටස් වෙළෙඳපොළ

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල කොටස් වෙළඳපොළ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කොටස් වෙළඳපොළ යනු කොටස් මිල දී ගැනීම හා විකිණීම සඳහා පහසුකම් සපයා ඇති ස්ථානය ලෙස හැඳින්වීම
  • කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරිත්වය හැඳින්වීම
  • සමාගමක ආරම්භක ප්‍රාග්ධනය ඒකකයක් ලෙස සලකා එය සමාන කොටස්වලට බෙදූ විට ඉන් එක් පංගුවක් කොටසක් ලෙස හැඳින්වීම
  • ලැයිස්තුගත සමාගම් සිය ආරම්භක කොටස් නිකුත් කිරීමේ දී ම සමාගමේ ලාභයෙන් කොටස්කරුවන් සඳහා කොටසකට ගෙවන මුදල් ප්‍රමාණය කොටසක ලාභාංශය ලෙස හැඳින්වීම
  • යම් සමාගමක කොටස් හඳුන්වා දීමේ ආරම්භක මිල යටතේ ආයෝජකයන්ට කොටස් මිල දී ගැනීම සිදු වන අවස්ථාවේ කොටස් වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ ලෙසත් පසුව කොටස් සඳහා ඇති ඉල්ලුම අනුව කොටසක් සඳහා ඇති නව මිල වෙළඳපොළ මිල ලෙස හඳුන්වයි.මෙම අවස්ථාවේ කොටස් වෙළඳපොළ ද්විතීක වෙළඳපොළ ලෙසත් හැඳින්වීම
  • සමාගමක කොටස් හඳුන්වාදීමේ මිලට හෝ වෙළඳපොළ මිලට මිලදී ගත් විට කොටසක මිල කොටසක ගැනුම් මිල ලෙසත් එම කොටසක් වෙළඳපොළට විකුණන මිල කොටසක විකුණුම් මිල ලෙසත් හැඳින්වීම
  • ප්‍රාග්ධන ලාභය යනු කොටස්වල විකුණුම් මිල සහ කොටස්වල ගැනුම් මිල අතර වෙනස බව හැඳින්වීම
  • ප්‍රාග්ධන අලාභය යනු කොටස්වල ගැනුම් මිල සහ කොටස්වල විකුණුම් මිල අතර වෙනස බව හැඳින්වීම
  • කොටස් වෙළඳපොළ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සීමාසහිත පෞද්ගලික සමාගම් - Private limited companies
  • සීමාසහිත පොදු සමාගම් - Public limited companies
  • ප්‍රාග්ධනය වැඩි කර ගැනීමට - Raise capital
  • කොටස් මිල දී ගැනීම - Buy shares
  • කොටස් විකිණීම - Sell shares
  • ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව - Securities and Exchange Commission
  • ලැයිස්තුගත සමාගම් - Listed companies
  • තැරැව්කාර සමාගම් - Stock brokers
  • කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව - Colombo Stock Exchange(CSE)
  • කොටස් මිලදී ගැනීමට විවෘත මාධ්‍ය නිවේදනය - Initial Public Offering(IPO)
  • ආරම්භක ප්‍රාග්ධනය - Stated capital
  • කොටසක මිල - Price of a share
  • ආයෝජනය කල මුදල - Amount invested
  • හිමිකාරිත්වය -Ownership
  • ලාභාංශය - Dividend
  • වාර්ෂික ව - Annually
  • කාර්තු වශයෙන් - Quarterly
  • වාර්ෂික ආදායම - Annual income
  • ප්‍රතිශතය - Percentage
  • ප්‍රාථමික වෙළඳපොළ - Primary market
  • ද්විතීක වෙළඳපොළ - Secondary market
  • වෙළඳපොළ මිල - Market price
  • කොටසක ගැනුම් මිල - Purchase price
  • කොටසක විකුණුම් මිල - Selling price
  • ප්‍රාග්ධන ලාභය - Capital gain
  • ප්‍රාග්ධන අලාභය - Capital loss
  • කොටස් ගණන - Number of shares

Tags