තාත්වික සංඛ්‍යා

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල තාත්වික සංඛ්‍යා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • හින්දු අරාබි සංඛ්‍යා, ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා, භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා හැඳින්වීම
  • ගණින සංඛ්‍යා, ධන නිඛිල කුලකය, ඍණ නිඛිල කුලකය සහ නිඛිල කුලකය හැඳින්වීම
  • නිඛිල කුලකය දක්වන සංකේතය ℤ බව හැඳින්වීම
  • ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ අර්ථ දැක්වීම් දෙකක් පවතින බවත් එක් එක් කර්තෘන් විසින් තමන් ප්‍රකෘති සංඛ්‍යා සලකනු ලබන්නේ කුමන සංඛ්‍යා ද යන්න තමන් විසින් පල කරන කෘති වල මුලින්ම සඳහන් කරන බවත් හැඳින්වීම
  • ප්‍රකෘති සංඛ්‍යා කුලකය දක්වන සංකේතය ℕ බව හැඳින්වීම
  • කිසියම් සංඛ්‍යාවක් භාගයක් ලෙස ප්‍රකාශ කල විට හරයේ නිඛිල සහ ලවයේ ධන නිඛිල සහිත භාග ලෙස ලිවිය හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • පරිමේය සංඛ්‍යා කුලකය කුලක ජනන ස්වරූපයෙන් දක්වන ආකාර දෙකක් සාකච්ඡා කිරීම
  • පරිමේය සංඛ්‍යා කුලකය දක්වන සංකේතය ℚ බව හැඳින්වීම
  • යම් සංඛ්‍යාංක ඛණ්ඩයක් අඛණ්ඩව සමාවර්තනය වීම සෑම පරිමේය සංඛ්‍යාවකටම පොදු ගුණයක් වන අතර එම සමාවර්තනය වන කොටස 0 නම් එම දශම අන්ත දශම ලෙසත් සමාවර්ත වන කොටස 0 නොවන දශම සමාවර්ත දශම ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • සමාවර්ත දශම සහිත පරිමේය සංඛ්‍යාවලට අනන්ත දශම නිරූපණ ඇති බව හැඳින්වීම
  • නිඛිල සහ පරිමේය සංඛ්‍යා ලෙස ප්‍රකාශ කර නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • තව ද පූර්ණ වර්ගයක් නොවන ඕනෑ ම ධන නිඛිලයක වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් වන බව හැඳින්වීම
  • 𝜋 හි අගය එනම් 22/7 හෝ 3.14 ගණනය කිරීමේ පහසුව තකා පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කල ද සැබවින්ම එය අපරිමේය සංඛ්‍යාවක් වන බව අවධාරණය කිරීම
  • අපරිමේය සංඛ්‍යා කුලකය දක්වන සංකේතය ℚ′ බව හැඳින්වීම
  • අපරිමේය සංඛ්‍යාවක් දශම නිරූපණයේ කිසිම සංඛ්‍යාංක ඛණ්ඩයක් සමාවර්ත නොවන බව හැඳින්වීම
  • අපරිමේය සංඛ්‍යාවලට අනන්ත දශම නිරූපණ ඇති බව හැඳින්වීම
  • පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා සියල්ලම එනම් සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කළ හැකි සංඛ්‍යා සියල්ල තාත්වික සංඛ්‍යා ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • තාත්වික සංඛ්‍යා කුලකය දක්වන සංකේතය ℝ බව හැඳින්වීම
  • තාත්වික සංඛ්‍යා කුලකය යටතේ ඇති අපරිමේය සංඛ්‍යා, පරිමේය සංඛ්‍යා, නිඛිල සහ ප්‍රකෘති සංඛ්‍යා වෙන් රූප සටහනක දක්වන ආකාරය සාකච්ඡා කිරීම
  • වර්ගමූල ලකුණ යොදා ගන්නා නමුත් අගය නිඛිලයක් නොවන ප්‍රකාශන කරණි ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය අන්ත දශමයක් හෝ සමාවර්ත දශමයක් නොවන නිසා කරණි සෑම විටම අපරිමේය සංඛ්‍යාවක් වන බව හැඳින්වීම
  • අඛිල කරණි යනු මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණ තුල පවතින ආකාරයේ කරණි බව හැඳින්වීම
  • කරණියක් අඛිල කරණියක් ලෙස දක්වන ආකාරය සාකච්ඡා කිරීම
  • අඛිල කරණියක් සරල ම ආකාරයෙන් කරණියක් ලෙස දක්වන ආකාරය සාකච්ඡා කිරීම
  • කරණි එකතු කරන ආකාරය සාකච්ඡා කිරීම
  • කරණි අඩු කරන ආකාරය සාකච්ඡා කිරීම
  • කිසියම් භාගයක හරය ලෙස කරණි පිහිටා ඇති විට හරය පරිමේය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • කරණි ගුණ කරන ආකාරය සාකච්ඡා කිරීම
  • කරණි බෙදන ආකාරය සාකච්ඡා කිරීම
  • තාත්වික සංඛ්‍යා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • හින්දු අරාබි සංඛ්‍යා - Hindu-Arabic Numbers
  • ධන සංඛ්‍යා - Positive Numbers
  • ඍණ සංඛ්‍යා - Negative Numbers
  • භාග සංඛ්‍යා - Fractions
  • දශම සංඛ්‍යා - Decimals
  • ගණින සංඛ්‍යා - Counting Numbers
  • ධන නිඛිල - Positive integers
  • ඍණ නිඛිල - Negative integers
  • නිඛිල කුලකය - Integers
  • ප්‍රකෘති සංඛ්‍යා - Natural Numbers
  • හරය - Denominator
  • ලවය -Numerator
  • පරිමේය සංඛ්‍යා - Rational Numbers
  • අපරිමේය සංඛ්‍යා - Irrational Numbers
  • කුලක ජනන ස්වරූපය - Set builder notation
  • අන්ත දශම - Finite decimals/Terminating decimals
  • අනන්ත දශම නිරූපණ - infinite decimal representation
  • සමාවර්ත දශම - Recurring decimals
  • පූර්ණ වර්ගය - Perfect square
  • වර්ගමූලය - Square root
  • තාත්වික සංඛ්‍යා - Real Numbers
  • කරණි - Surds
  • අඛිල කරණි - Entire Surds
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම- Subtraction
  • ගුණ කිරීම - Multiplication
  • බෙදීම - Division
  • හරය පරිමේය කිරීම - Rationalizing the denominator

Tags