කුලක

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල කුලක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කුලක තුනක් වෙන් රූප සටහනක පිහිටිය හැකි එකිනෙකට වෙනස් ආකාර පිළිබඳ සාකච්ඡා කිරීම
  • කුලක තුනක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවේ කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකය ඇතුලත් කුලකයකට අදාළ පෙදෙස් වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම
  • කුලක තුනක් එක් කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වී අනෙක් කුලකය එම කුලක දෙකම සමඟ ඡේදනය වී පවතින අවස්ථාවේ කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකය ඇතුලත් කුලකයකට අදාළ පෙදෙස් වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම
  • කුලක තුනකින් දෙකක් වියුක්ත කුලක ලෙසත් අනෙක් කුලකය එම කුලක දෙකම සමඟ ඡේදනයක් පවතින අවස්ථාවේ කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකය ඇතුලත් කුලකයකට අදාළ පෙදෙස් වෙන් රූප සටහන් වල පෙදෙස් අඳුරු කිරීම
  • කුලක තුනක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවට සම්බන්ධ ගැටලුවක එක් එ ක්පෙදෙස මගින් නිරූපණය වන පිරිස දී ඇති තොරතුරු අනුව සෙවීම
  • කුලක තුනක් නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවට සම්බන්ධ ගැටලුවක වෙන් රූප සටහනේ අගයන් පිහිටන ස්ථානය අනුව එක් එක් පෙදෙස විස්තර කිරීම
  • දී ඇති තොරතුරු අනුව නිවැරදිව කුලක තුනක් තෝරා ගන්නා ආකාරය සහ වෙ න්රූපසටහනක දක්වන ආකාරය ගැටලු මගින් සාකච්ඡා කිරීම
  • දී ඇති තොරතුරු අනුව පවතින වෙන් රූපසටහනක් වෙනස් කරන ආකාරය ගැටලු මගින් සාකච්ඡා කිරීම
  • කුලක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • කුලකයක අවයව - Elements of a set
  • කුලකයකට අදාළ පෙදෙස් - Regions of set
  • වියුක්ත කුලක - Disjoint sets
  • කුලක ඡේදනය - Intersection of sets
  • කුලක මේලය - Union of sets
  • කුලක අනුපූරකය - Complement of sets
  • සර්වත්‍ර කුලකය - Universal set
  • උපකුලක - Subsets
  • සම්බන්ධතාවය - Relationship
  • අඳුරු කිරීම - Shade
  • වෙන් රූප සටහන - Venn diagram

Tags