ප්‍රතිශත

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ප්‍රතිශත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • නම් කරන ලද නිශ්චිත කාලයකට පසු පොලිය ගණනය කිරීමේදී, මුල් මුදලට පමණක් නොව එකතු වී ඇති පොලියට ද පොලියක් ලබා දෙන ක්‍රමයට පොලිය ගණනය කිරීමේ ක්‍රමය වැල් පොලී ක්‍රමය ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • මූල්‍ය ආයතනයක තැන්පත් කල කිසියම් මුදලක් සඳහා වැල් පොලිය ගණනය කිරීමේදී හෝ ණය මුදලක් ලබා ගැනීමේ දී ණය මුදල සඳහා වැල් පොලිය ගණනය කිරීමේදී අනුගමනය කල යුතු පියවර හැඳින්වීම
  • නම් කරන ලද නිශ්චිත කාලයකට වැල් පොලිය ගණනය කරන කෙටි ක්‍රමය හඳුන්වා දීම
  • මූල්‍ය ආයතනයක තැන්පත් කල මුදල හෝ ලබාගත් ණය මුදල හා මුළු මුදල දී ඇති විට වාර්ෂික වැල් පොලී අනුපාතිකය ගණනය කරන ආකාරය
  • පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ලෙස වියදම් වර්ග දෙකක් ඇති බව
  • ප්‍රාග්ධන වියදම් සඳහා ණය මුදලක් ලබා ගැනීමට සිදුවන බව සහ එලෙස ලබා ගන්නා ණය මුදල ගෙවිය හැකි එක් ආකාරයක් ලෙස හීන වන ශේෂ ක්‍රමය හැඳින්වීම
  • ගෘහ භාණ්ඩ, විද්‍යුත් උපකරණ හෝ ජංගම දුරකථන මිල දී ගැනීමේ දී මුලින් යම් කිසි මුදලක් ගෙවා ඉතිරිය පොලිය සමඟ කිසියම් මාසික වාරික ගණනකදී ගෙවා නිම කිරීමට අවශ්‍ය වාරිකයක අගය ගණනය කිරීමට හීන වන ශේෂ ක්‍රමය යොදා ගන්න බව
  • මාස ඒකක ගණන වාරික ගණන ඇසුරෙන් සොයා ගන්නා ආකාරය
  • හීන වන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කරන ආකාරය
  • ලබා ගත් ණය මුදල හෝ ගෙවීමට ඉතිරි වී ඇති මුදල සහ මුළු පොලිය ඇසුරෙන් මාසික වාරිකයක අගය ගණනය කරන ආකාරය
  • ණය කොටසක් සඳහා මසකදී ගෙවිය යුතු පොලිය යනු මාස ඒකකයකට පොලිය බව හැඳින්වීම
  • ගෙවිය යුතු මුළු පොලිය එක් පියවරකින් ගණනය කිරීමේ කෙටි ක්‍රමය හැඳින්වීම
  • ණය වාරිකයක අගය, ණයට ලබාගත් මුදල සහ ණය ගෙවා නිම කල යුතු කාලය දී ඇති විට වාර්ෂික පොලී අනුපාතිකය සොයන ආකාරය
  • ප්‍රතිශත සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පොලිය - Interest
  • ණයට ගත් මුදල - Loan borrowed
  • කාලය - Time
  • මූල්‍ය ආයතන - Financial institutions
  • බැංකු - Banks
  • ප්‍රතිශතය - Percentage
  • වාර්ෂික පොලී අනුපාතිකය - Annual interest rate
  • මාසික පොලී අනුපාතිකය - Monthly interest rate
  • මුල් මුදල - Initial amount / Principal
  • ණය මුදලකින් නිදහස් වීමට - To settle a loan
  • මුළු මුදල - Total amount
  • පුනරාවර්තන වියදම් - Recurrent expenses
  • ප්‍රාග්ධන වියදම් - Capital expenses
  • පොලිය - Interest
  • මාසික වාරිකය - Monthly instalment
  • භාණ්ඩයක වටිනාකමින් මුලින් ගෙවන කොටස - Down payment
  • භාණ්ඩයක වටිනාකමින් කොටසක් මුලින් ගෙවූ පසු ඉතිරි මුදල - Outstanding loan balance
  • මාස ඒකක - Month units

Tags