සම්භාවිතාව

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල සම්භාවිතාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • නියැදි අවකාශය කොටු දැලක නිරූපණය කරන ආකාරය
  • සසම්භාවි පරීක්ෂණයක නියැදි අවකාශය කොටු දැලක නිරූපණයෙන් පසු අදාල සම්භාවිතා ලබාගන්න ආකාරය
  • සසම්භාවී පරීක්ෂණයක එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම, වෙනත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එවැනි සිද්ධි ස්වායත්ත සිද්ධි බව හැඳින්වීම
  • සසම්භාවී පරීක්ෂණයක එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම, වෙනත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එවැනි සිද්ධි පරායත්ත සිද්ධි බව හැඳින්වීම
  • A හා B ස්වායත්ත සිද්ධි නම්, 𝑃(A ∩ B) = 𝑃(A). 𝑃(B) නම් වන බව හැඳින්වීම
  • නියැදි අවකාශය රුක් සටහනක නිරූපණය කරන ආකාරය
  • දී ඇති තොරතුරු රුක් සටහනක සටහන් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කිරීම
  • සසම්භාවි පරීක්ෂණයක නියැදි අවකාශය රුක් සටහනක නිරූපණයෙන් පසු අදාල සම්භාවිතා ලබාගන්න ආකාරය
  • සම්භාවිතාව සම්බන්ධ ගැටලු කිහිපයක් සහ ඒවාට පිළිතුරු ලබා ගන්නා ආකාරය හැඳින්වීම

වචන මාලාව (Glossary) 

  • සසම්භාවී පරීක්ෂණ - Random experiments
  • නියැදි අවකාශය - Sample space
  • සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ - Experiments with equally likely outcomes
  • සිද්ධියක සම්භාවිතාව - Probability of a the event
  • සිද්ධිය - Event
  • දාදු කැටය - Die
  • ඡේදනය - Intersection
  • ඉරට්ට සංඛ්‍යා - Even numbers
  • ඔත්තේ සංඛ්‍යා - Odd numbers
  • ස්වායත්ත සිද්ධි - Independent events
  • පරායත්ත සිද්ධි - Dependent events
  • රුක් සටහන - Tree diagram
  • කොටු දැල - Grid
  • අහඹු - Random

Tags