සමීකරණ

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල සමීකරණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය විසඳීම
  • භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ ආදේශ ක්‍රමය විසඳීම
  • වර්ගජ සමීකරණයේ මූල හැඳින්වීම
  • වර්ගජ සමීකරණයේ විසඳුම් හැඳින්වීම
  • සමීකරණයේ මූල යනු සමීකරණයේ විසඳුම් ම බව හැඳින්වීම
  • සාධක භාවිතයෙන් '𝑥² + b𝑥 + c = 0' ආකාරයේ සමීකරණය විසඳීම
  • වර්ගජ සමීකරණ සම්බන්ධ වගන්ති ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ද්විපද ප්‍රකාශනවල වර්ගායිත ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • '𝑥² + b𝑥' ආකාරයේ ප්‍රකාශනයක් පූර්ණ වර්ගයක් බවට පත් කිරීමට එකතු කල යුතු පදය සොයා එය වර්ගායිතයක් ලෙස සකස් කරන ආකාරය හැඳින්වීම
  • සාධක භාවිතයෙන් විසඳිය හැකි වර්ගජ සමීකරණයක් වර්ග පූරණයෙන් විසඳීම
  • කිසියම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවම බව හැඳින්වීම
  • කිසියම් සංඛ්‍යාවක වර්ගමූලය සෙවීමේදී ධන සහ ඍණ අගයන් දෙකම සැලකිය යුතු බව හැඳින්වීම
  • සාධක භාවිතයෙන් විසඳිය නොහැකි වර්ගජ සමීකරණයක් වර්ග පූරණයෙන් විසඳීම
  • වර්ගමූලය සෙවීමට දි ඇති සංඛ්‍යාවක් කරණි සම්බන්ධ දැනුමෙන් සුළු කරගන්නා ආකාරය හැඳින්වීම
  • '𝑥² + b𝑥 + c = 0' ආකාරයේ සමීකරණයක් වර්ග පූරණයෙන් විසඳීමට පෙර '𝑥²' හි සංගුණකය එක බවට පත් කල යුතු බව හැඳින්වීම
  • 'a𝑥² + b𝑥 + c = 0' සමීකරණය වර්ග පූරණයෙන් විසඳා 'a𝑥² + b𝑥 + c = 0' ආකාරයට පවතින සමීකරණයක මූල සෙවීමට සූත්‍රය ගොඩනගා ගැනීම
  • සාධක භාවිතයෙන් විසඳිය හැකි වර්ගජ සමීකරණ සූත්‍රය භාවිතයෙන් විසඳීම
  • 'a𝑥² + b𝑥 + c = 0' ආකාරයට පවතින සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් විසඳීමේදී a, b හා c අගයන්වල ලකුණ පිලිබඳව සැලකිලිමත් විය යුතු බව හැඳින්වීම
  • සාධක භාවිතයෙන් විසඳිය නොහැකි වර්ගජ සමීකරණ සූත්‍රය භාවිතයෙන් විසඳීම
  • වර්ගමූලය සෙවීමට දි ඇති සංඛ්‍යාවක් කරණි සම්බන්ධ දැනුමෙන් සුළු කරගන්නා ආකාරය හැඳින්වීම
  • වර්ගජ සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් විසඳා, පිළිතුර දී ඇති ආසන්න දශමස්ථානයට සොයන ආකාරය හැඳින්වීම
  • සමීකරණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සරල සමීකරණ - Linear equations
  • විසඳීම - Solve
  • ප්‍රකාශනය - Expression
  • එකතු කිරීම - Addition
  • අඩු කිරීම - Subtraction
  • සංගුණකය - Coefficient
  • වර්ගජ සමීකරණ - Quadratic equations
  • සමීකරණයක මූල - Roots of the equation
  • සමීකරණයක විසඳුම් - Solutions of the equation
  • ගුණිතය - Product
  • ද්විපද ප්‍රකාශන - Binomial expressions
  • වර්ගය - Square
  • පූර්ණ වර්ගය - Perfect square
  • සාධක - Factors
  • වර්ගමූලය - Square root
  • ධන සහ ඍණ - Positive and negative / Plus and minus
  • කරණි - Surds
  • භාගය - Fraction
  • හරය - Denominator
  • ලවය - Numerator
  • සමගාමී සමීකරණ - Simultaneous equations
  • ආදේශ ක්‍රමය - The method of substitution
  • එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය - The method of elimination
  • භාගමය සංගුණක - Fractional coefficient
  • වර්ග පූරණය - Completing the square
  • සූත්‍රය භාවිතයෙන් - Using the quadratic formula
  • ආසන්න දශමස්ථානය - Nearest decimal place

Tags