වෘත්ත චතුරස්‍ර

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල වෘත්ත චතුරස්‍ර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • චතුරස්‍රයක ශීර්ෂ හතර එකම වෘත්තයක් මත පිහිටා ඇත්නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වන බව හැඳින්වීම
  • "වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ" ප්‍රමේයය හැඳින්වීම
  • "වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ" ප්‍රමේයය සාධනය
  • "වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ" ප්‍රමේයය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • "වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ" ප්‍රමේයයේ විලෝමය "චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි" බව හැඳින්වීම
  • ප්‍රමේයයේ විලෝමය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • වෘත්ත චතුරස්‍රයක කිසියම් බාහිර කෝණයකට අදාල සහ අභ්‍යන්තර සම්මුඛ කෝණය සොයා ගන්නා ආකාරය හැඳින්වීම
  • "වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ." ප්‍රමේයය හැඳින්වීම
  • "වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ." ප්‍රමේයය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සම්මුඛ කෝණ - Opposite angles
  • පරිපූරක - Supplementary
  • ප්‍රමේයය - Theorem
  • විධිමත් සාධනය - Formal proof
  • දත්තය - Data
  • සාධනය කළ යුත්ත (සා.ක.යු) - To prove that
  • නිර්මාණය - Construction
  • සාධනය - Proof
  • සාධිතයි - Proved
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • අනුරූප කෝණ - Corresponding angles
  • තීර්යක් රේඛාව - transversal
  • මිත්‍ර කෝණ - Allied angles
  • ඡේදනය - Intersect
  • වෘත්තය - Circle
  • සරල රේඛා ඛණ්ඩය - Straight line segment
  • ජ්‍යාය - Chord
  • විශ්කම්භය - Diameter
  • කේන්ද්‍රය - Centre
  • මධ්‍ය ලක්ෂ්‍යය - Mid point
  • අරය - Radius
  • ලම්භක - Perpendicular
  • කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc at the centre
  • පරාවර්ත කෝණය - Reflex angle
  • වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc on the remaining part of the circle
  • වෘත්තයේ පරිධිය මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc on the circumference of a circle
  • එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ - Angles in the same segment
  • අර්ධ වෘත්තයේ කෝණ - Semicircle
  • ඍජු කෝණය - Right angle
  • විශ්කම්භය - Diameter
  • බාහිර කෝණය - Exterior angle
  • අභ්‍යන්තර සම්මුඛ කෝණය - Interior opposite angle
  • ලක්ෂ්‍යයක් වටා පිහිටි කෝණ - Angles around a point
  • ත්‍රිකෝණය - Triangle

Tags