ඝන වස්තුවල පරිමාව

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ඝන වස්තුවල පරිමාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පරිමාව සෙවීමට ක්‍රියාකාරකමක් ඇසුරෙන් සූත්‍රයක් ගොඩ නැගීම
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පරිමාව සහ එම සමචතුරස්‍රාකාර ආධාරකයේ වර්ගඵලයම ඇති සහ එම පිරමීඩයේ ලම්භ උසම ඇති ඝනකාභයක පරිමාව අතර සම්බන්ධතාවයක් ඇති බව සාකච්ඡා කිරීම
  • සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 𝒶 සහ ලම්භ උස ℎ වන පිරමීඩයක පරිමාව ' ⅓ 𝒶²ℎ ' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පරිමාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ඍජු වෘත්ත කේතුවක පරිමාව සෙවීමට ක්‍රියාකාරකමක් ඇසුරෙන් සූත්‍රයක් ගොඩ නැගීම
  • ඍජු වෘත්ත කේතුවක පරිමාව සහ එම ආධාරකයේ වර්ගඵලයම ඇති සහ එම කේතුවේ ලම්භ උසම ඇති සිලින්ඩරයක පරිමාව අතර සම්බන්ධතාවයක් ඇති බව සාකච්ඡා කිරීම
  • අරය 𝑟 සහ ලම්භ උස ℎ වන ඍජු වෘත්ත කේතුවක පරිමාව '⅓ 𝜋𝑟²ℎ' සූත්‍රය භාවිතයෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • ඍජු වෘත්ත කේතුවක පරිමාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ගෝලයක පරිමාව සෙවීමට ක්‍රියාකාරකමක් ඇසුරෙන් සූත්‍රයක් ගොඩ නැගීම
  • ගෝලයක පරිමාව එහි පරිසිලින්ඩරයක පරිමාව සහ ගෝලයේ අරයම ආධාරකයේ අරය වන සහ ගෝලයේ විෂ්කම්භය ලම්භ උස වන ඍජු වෘත්ත කේතුවක පරිමාව අතර සම්බන්ධතාවයක් ඇති බව සාකච්ඡා කිරීම
  • ගෝලයක පරිමාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • අරය 𝑟 වන ගෝලයක පරිමාව '⁴⁄₃ 𝜋𝑟³' සූත්‍රය භාවිතයෙන් ලබාගත හැකි බව හැඳින්වීම
  • පරිමාව සම්බන්ධ ගැටලු වලදී සුළු කිරීම් වලදී සිදුවන අතපසුවීම් අවම කර ගැනීමට කෙටි ක්‍රම හැඳින්වීම
  • ඝන වස්තුවල පරිමාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සමචතුරස්‍රය - Square
  • ආධාරකය - Base
  • පයිතගරස් ප්‍රමේයය - Pythagoras’ Theorem
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩ - Right pyramids with a square base
  • ලම්භ උස - Perpendicular height
  • ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්භ උස - Perpendicular height of the triangular face
  • සූත්‍රය - Formula
  • කේතුව - Cone
  • වෘත්තාකාර ආධාරකය - Circular base
  • අරය - Radius
  • විෂ්කම්භය - Diameter
  • වක්‍ර පෘෂ්ඨය - Curved surface
  • වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය - Area of the curved surface
  • පරිසිලින්ඩරය - Circumscribing cylinder
  • ගෝලය - Sphere
  • ඝනකාභය - Cuboid
  • අර්ධ ගෝලය - Hemisphere
  • සිලින්ඩරය - Cylinder
  • ඉතිරි කොටස - Remaining portion
  • ප්‍රිස්මය - Prism

Tags