සමකෝණික ත්‍රිකෝණ

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල සමකෝණික ත්‍රිකෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ත්‍රිකෝණයක පාද වල දිග අතර අනුපාතය ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර ව අඳින ලද සරල රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදයි යන ප්‍රමේයය ක්‍රියාකාරකම් ඇසුරෙන් තහවුරු කර ගැනීම
  • මෙම ප්‍රමේයය ගණනකට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • ප්‍රමේයය යොදාගෙන අනුමේයන් සාධනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතික ව බෙදේ නම්, එම සරල රේඛාව, ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ යන ප්‍රමේයය ක්‍රියාකාරකම් ඇසුරෙන් තහවුරු කර ගැනීම
  • මෙම ප්‍රමේයය ගණනකට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • සමකෝණී රූප හැඳින්වීම
  • බහු අස්‍ර දෙකක් සමරූපී වීමට, එක් බහුඅස්‍රයක කෝණ අනෙක් බහුඅස්‍රයේ කෝණවලට සමාන විය යුතු අතර බහුඅස්‍ර දෙකෙහි අනුරූප පාද සමානුපාතික විය යුතු බව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක කෝණ සමාන නම්, එම ත්‍රිකෝණ දෙකෙහි අනුරූප පාද ද සමානුපාතික වන නිසා ත්‍රිකෝණ දෙකක් සමරූපී වීම සඳහා එම ත්‍රිකෝණ දෙකෙහි කෝණ සමාන වේ දැයි පරීක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් බව හැඳින්වීම
  • සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයය "ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම්, එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ" බව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් සඳහා සමරූපී සහ සමකෝණී යනු එකම අදහස වන අතර වෙනත් බහුඅස්‍ර සඳහා සමකෝණී යනු කෝණ සමාන වීම පමණක් බවත්, අංගසම ත්‍රිකෝණ දෙකක් සමකෝණී ත්‍රිකෝණ වන අතර සමකෝණී ත්‍රිකෝණ දෙකක් අංගසම ත්‍රිකෝණ නොවන බවත්, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය ක් නිසා ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන නම්,එම ත්‍රිකෝණ දෙකේ ඉතිරි කෝණ දෙක ද සමාන වන බවත්, සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු විසඳීමේදී භාවිතා කල හැකි බව සාකච්ඡා කිරීම
  • සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය " එක් ත්‍රිකෝණයක පාද තුන, තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වේ නම්, එම ත්‍රිකෝණ දෙක සමකෝණික වේ" බව හැඳින්වීම
  • සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයයන් මගින් අනුමේයය සාධනය
  • සමකෝණික ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සමානුපාතික ව - Proportionally
  • අනුපාතය - Ratio
  • ත්‍රිකෝණය - Triangle
  • සමාන්තර - Parallel
  • සරල රේඛාව - Straight line
  • ප්‍රමේයය - Theorem
  • බාහිරින් පිහිටි ලක්ෂ්‍යය - External point
  • බහු අස්‍ර - Polygons
  • සමරූපී - Similar figures
  • අනුරූප පාද - Corresponding sides
  • කෝණ - Angles
  • චතුරස්‍ර - Quadrilaterals
  • අංගසම ත්‍රිකෝණ - Congruent triangles
  • අභ්‍යන්තර කෝණ - Internal angles
  • ඓක්‍යය - Sum
  • ප්‍රතිමුඛ කෝණ - Vertically opposite angles
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • පොදු කෝණය - Common angle
  • සමාන්තරාස්‍රය - Parallelogram
  • සම්මුඛ කෝණ - Opposite angles
  • ඍජු කෝණය - Right angle

Tags