නිර්මාණ

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල නිර්මාණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සුළුකෝණීක ත්‍රිකෝණයකට පරිවෘත්තය නිර්මාණය කිරීම
  • ඍජුකෝණීක ත්‍රිකෝණයකට පරිවෘත්තය නිර්මාණය කිරීම
  • මහාකෝණික ත්‍රිකෝණයකට පරිවෘත්තය නිර්මාණය කිරීම
  • ඍජුකෝණික ත්‍රිකෝණය පරිකේන්ද්‍රය පිහිටන්නේ කර්ණය මත බවත් සුළුකෝණීක ත්‍රිකෝණය පරිකේන්ද්‍රය පිහිටන්නේ ත්‍රිකෝණය තුල බවත් මහාකෝණික ත්‍රිකෝණය පරිකේන්ද්‍රය පිහිටන්නේ ත්‍රිකෝණයෙන් පිටත බවත් සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණයක පරිවෘත්තය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • සුළුකෝණීක ත්‍රිකෝණයකට අන්තර්වෘත්තය නිර්මාණය කිරීම
  • සුළුකෝණීක ත්‍රිකෝණයක, මහාකෝණික ත්‍රිකෝණයක සහ ඍජුකෝණීක ත්‍රිකෝණයක අන්තර්කේන්ද්‍රය පිහිටන්නේ ත්‍රිකෝණය තුල බව සාකච්ඡා කිරීම
  • සුළුකෝණීක ත්‍රිකෝණයකට බහිර් වෘත්තය නිර්මාණය කිරීම
  • සුළුකෝණීක ත්‍රිකෝණයක, මහාකෝණික ත්‍රිකෝණයක සහ ඍජුකෝණීක ත්‍රිකෝණයක බහිර් කේන්ද්‍රය පිහිටන්නේ ත්‍රිකෝණයෙන් පිටත බව සාකච්ඡා කිරීම
  • ඕනෑ ම ත්‍රිකෝණයකට බහිර්වෘත්ත තුනක් නිර්මාණය කළ හැකි බව සාකච්ඡා කිරීම
  • වෘත්තය මත ලක්ෂ්‍යයක දී ස්පර්ශකයක් නිර්මාණය කිරීම
  • බාහිර ලක්ෂ්‍යයක සිට වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කිරීම
  • ස්පර්ශක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • නිර්මාණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • අචල ලක්ෂ්‍යය - Fixed point
  • නියත දුර - Constant distance
  • සමදුරින් - Equidistant
  • ලම්භ සමච්ඡේදකය - Perpendicular bisector
  • අචල රේඛාව - Fixed line
  • සමාන්තරව - Parallel
  • දෙපස පිහිටි - On either side of
  • ඡේදනය වන සරල රේඛා - Intersecting straight lines
  • කෝණ සමච්ඡේදකය - Bisector of the angle / Angle bisector
  • වෘත්තය - Circle
  • කෝණය - Angle
  • ලම්භ රේඛාව - Perpendicular
  • රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට - From an external point of a line
  • රේඛාව මත ලක්ෂ්‍යය - Point on a straight line
  • කෝණයක් පිටපත් කිරීම - Copy an angle
  • ලම්භ දුර - Perpendicular distance
  • පාද - Sides
  • අන්තර්ගත කෝණය - Included angle
  • ත්‍රිකෝණ - Triangles
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • අනුරූප කෝණ - Corresponding angles
  • චාප - Arcs
  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • සුළුකෝණීක ත්‍රිකෝණය - Acute angled triangle
  • මහාකෝණික ත්‍රිකෝණය - Obtuse angled triangle
  • පරිවෘත්තය - Circumcircle/Circumscribed circle
  • පරිකේන්ද්‍රය - circumcentre
  • අන්තර්වෘත්තය - Incircle/Inscribed circle
  • අන්තර්කේන්ද්‍රය - Incentre
  • බහිර් වෘත්තය - Excircle/Escribed circle
  • බහිර් කේන්ද්‍රය - Excentre
  • වෘත්තය මත ලක්ෂ්‍යය - Point on the circle
  • බාහිර ලක්ෂ්‍යයක - External point

Tags