ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පිරමීඩය හැඳින්වීම
  • පිරමීඩයක ශීර්ෂය සහ ආධාරකය හැඳින්වීම
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක ලම්භ උස සහ ඇල දාර හැඳින්වීම
  • ඍජු පිරමීඩ සහ සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩය හැඳින්වීම
  • සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්භ උස සහ ලම්භ උස අතර වෙනස හැඳින්වීම
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීමට සූත්‍රයක් ගොඩනගන ආකාරය හැඳින්වීම
  • සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 𝒶 සහ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්භ උස 𝓁 වන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය ' 𝒶² + 2𝒶𝓁 ' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ඍජු වෘත්ත කේතුවක ලම්භ උස, ඇල උස, වෘත්තාකාර ආධාරකය, වෘත්තාකාර ආධාරකයේ අරය සහ වක්‍ර පෘෂ්ඨය හැඳින්වීම
  • ඍජු වෘත්ත කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීමට සූත්‍රයක් ගොඩනගන ආකාරය හැඳින්වීම
  • අරය 𝑟 සහ ඇල උස 𝓁 වන ඍජු වෘත්ත කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය '𝜋𝑟𝓁 + 𝜋r²' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ඍජු වෘත්ත කේතුවක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • පරිසිලින්ඩරය යනු ගෝලයක අරයට සමාන අරයක් ඇති ගෝලයේ විෂ්කම්භයට සමාන උසක් ඇති සිලින්ඩරය බව හැඳින්වීම
  • පරිසිලින්ඩරය ඇසුරෙන් ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීමට සූත්‍රයක් ගොඩනගන ආකාරය හැඳින්වීම
  • අරය 𝑟 වන ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය '4𝜋r²' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ඝන අර්ධ ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීමට සූත්‍රයක් ගොඩනගන ආකාරය හැඳින්වීම
  • අරය 𝑟 වන ඝන අර්ධ ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය '3𝜋r²' මගින් සෙවිය හැකි බව හැඳින්වීම
  • ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • බහු අස්‍ර - Polygons
  • සමචතුරස්‍රය - Square
  • ත්‍රිකෝණය - Triangle
  • පංචාස්‍රය - Pentagon
  • ෂඩාස්‍රය - Hexagon
  • ශීර්ෂය - Apex
  • ආධාරකය - Base
  • පයිතගරස් ප්‍රමේයය - Pythagoras’ Theorem
  • ආධාරකය සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩ - Right pyramids with a square base
  • ලම්භ උස - Perpendicular height
  • ඇල දාර - Slant height
  • ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්භ උස - Perpendicular height of the triangular face
  • මුළු පෘෂ්ඨ වර්ගඵලය - Total surface area
  • සූත්‍රය - Formula
  • කේතුව - Cone
  • වෘත්තාකාර ආධාරකය - Circular base
  • අරය - Radius
  • විෂ්කම්භය - Diameter
  • වක්‍ර පෘෂ්ඨය - Curved surface
  • වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය - Area of the curved surface
  • පරිසිලින්ඩරය - Circumscribing cylinder
  • ගෝලය - Sphere
  • පරිධිය - Circumference
  • කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය - Area of the sector
  • කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග - Arc length of the sector
  • අර්ධ ගෝලය - Hemisphere

Tags