දත්ත නිරූපණය හා අර්ථකථනය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • දී ඇති දත්ත සමූහයක අඩු ම අගය සහ වැඩි ම අගය ඇසුරෙන් එහි පරාසය සොයා ගෙන පන්ති ප්‍රාන්තරයක තරම සොයා ගන්නා ආකාරය
  • දී ඇති දත්ත සමූහයක් ඇසුරෙන් පන්ති ප්‍රාන්තර සකස් කර ගැනීමේ දී සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තර 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් සකස් කර ගන්නා බව
  • දී ඇති දත්ත සමූහයක් ඇසුරෙන් පන්ති ප්‍රාන්තරයක තරම සොයා ගැනීමට පරාසය සකස් කර ගැනීමට අවශ්‍ය පන්ති ප්‍රාන්තර ගණනෙන් බෙදූ විට ලැබෙන අගය දශම අගයක් නම්, එය ආසන්න විශාල පූර්ණ සංඛ්‍යාවට වටයන බව සහ ඊට හේතුව පැහැදිලි කිරීම
  • දී ඇති දත්ත සමූහයක් ඇසුරෙන් පන්ති ප්‍රාන්තර සකස් කර ගැනීමේ දී පන්ති ප්‍රාන්තරයක තරම අනුව එක් පන්ති ප්‍රාන්තරයක් අවසන් වන අගයෙන්ම අනෙක් ප්‍රාන්තරය ආරම්භ කල හැකි බව සහ එහිදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • පන්ති ප්‍රාන්තරයක සීමා හා මායිම් අතර වෙනස පන්ති සීමා ඇසුරෙන් පන්ති මායිම් සකස් කර ගන්නා ආකාරය හැඳින්වීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය අඳින ආකාරය සහ එහිදී සැලකිලිමත් විය යුතු කරුණු හැඳින්වීම
  • පන්ති සීමා ඇසුරෙන් පන්ති මායිම් සකස් කර ගෙන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය අඳින ආකාරය
  • පන්ති පාන්තරයක තරම අසමාන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය අඳින ආකාරය හැඳින්වීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහු-අස්‍රය අඳින ආකාරය හැඳින්වීම
  • පන්ති පාන්තරයක තරම අසමාන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය ඇසුරෙන් සංඛ්‍යාත බහු-අස්‍රය අඳින ආකාරය හැඳින්වීම
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය භාවිතා නොකර සංඛ්‍යාත බහු-අස්‍රය අඳින ආකාරය හැඳින්වීම
  • දී ඇති දත්ත සමූහයක මධ්‍යස්ථය, පළමු චතුර්ථකය, තුන්වන චතුර්ථකය හා අන්තශ් චතුර්ථක පරාසය සොයා ගන්නා ආකාරය
  • දී ඇති දත්ත සමූහයක මධ්‍යස්ථය, පළමු චතුර්ථකය හා තුන්වන චතුර්ථකය සොයා ගැනීමට භාවිතා කල හැකි සූත්‍ර හැඳින්වීම
  • දී ඇති දත්ත සමූහයක මධ්‍යස්ථය, පළමු චතුර්ථකය හා තුන්වන චතුර්ථකය සෙවීමට එකිනෙකට වෙනස් ක්‍රම භාවිතයේ දී ලැබෙන පිළිතුරු සඳහා සුළු වෙනස්කම් සහිත අගයන් ලැබිය හැකි බවත් සංඛ්‍යානයේ දී පිළිතුරු සඳහා ආසන්න අගයන් ලබා ගන්නා බැවින් එසේ සුළු වෙනස්කම් තිබීම ගැටලු සහගත නොවන බවත් සාකච්ඡා කිරීම
  • සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීමේදී දී ඇති එක් එක් පන්ති ප්‍රාන්තරවල ඉහල සීමාවත්, එම එක් එක් පන්ති ප්‍රාන්තරයට අදාළ සමුච්චිත සංඛ්‍යාතයත් ඇසුරෙන් ලක්ෂ සකස් කර ගන්නා ආකාරය
  • සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ හැඩය සාකච්ඡා කිරීම
  • සමූහිත දත්ත 30 කට වැඩි ගණනක් ඇති අවස්ථා වලදී,සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් චතුර්ථක සෙවීමේදී සංඛ්‍යාතවලින් ¼ක් ½ක් හා ¾ක් ලෙස පිහිටි ස්ථාන සොයාගැනීම ප්‍රමාණවත් බව සාකච්ඡා කිරීම
  • සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් මධ්‍යස්ථය, පළමු චතුර්ථකය හා තුන්වන චතුර්ථකය සොයා ගන්නා ආකාරය
  • සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් පිළිතුරු සැපයිය හැකි වෙනත් ගැටලු සාකච්ඡා කිරීම
  • දත්ත නිරූපණය හා අර්ථකථනය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • දත්ත සමූහය - A group of data
  • අඩු ම අගය - Minimum value
  • වැඩි ම අගය - Maximum value
  • පරාසය - Range
  • ප්‍රගණන ලකුණු - Tally marks
  • පන්ති ප්‍රාන්තර - class intervals
  • පන්ති ප්‍රාන්තරයක තරම - Size of a class interval/Class width
  • පූර්ණ සංඛ්‍යාව - Whole number
  • ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයීම - Rounding off to the nearest whole number
  • පන්ති ප්‍රාන්තරයක සීමා - Class limits
  • පන්ති ප්‍රාන්තරයක මායිම් - Class boundaries
  • සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය - Grouped frequency distribution
  • ජාල රේඛය - Histogram
  • සංඛ්‍යාත බහු-අස්‍රය - Frequency polygon
  • මධ්‍ය අගය -Mid value
  • සංඛ්‍යාතය - Frequency
  • තීරු - Columns
  • මධ්‍යස්ථය - Median
  • පළමු චතුර්ථකය - First quartile
  • දෙවන චතුර්ථකය - Second quartile
  • තුන්වන චතුර්ථකය - Third quartile
  • අන්තශ් චතුර්ථක පරාසය - Inter quartile range
  • සූත්‍ර - Formulae
  • සමුච්චිත සංඛ්‍යාත වක්‍රය - Cumulative Frequency Curve
  • පන්ති ප්‍රාන්තරවල ඉහල සීමාව - upper limits of class intervals

Tags