ප්‍රස්තාර

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ප්‍රස්තාර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සමගාමී සමීකරණ යුගලයක් වීජීය ආකාරයට විසඳන ආකාරය
  • දී ඇති සරල සමීකරණයක ප්‍රස්තාරය ඇඳීම සඳහා අගය වගුවක් සකස් කර ගන්නා ආකාරය
  • දී ඇති සරල සමීකරණයක ප්‍රස්තාරය ඇඳීම සඳහා අගය වගුවක් සකස් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සාකච්ඡා කිරීම
  • සමගාමී සමීකරණ යුගලයක විසඳුම් ප්‍රස්තාර ඇසුරෙන් සොයා ගන්නා ආකාරය
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය ඇඳීම සඳහා අගය වගුවක් සකස් කර ගන්නා ආකාරය
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරයක සමමිතික අක්ෂයේ සමීකරණය, ශ්‍රිතයේ අවම හෝ උපරිම අගය අගය සහ හැරුම් ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක a හි අගය 0 ට වඩා වැඩි වන විට අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන බවත් a හි අගය 0 ට වඩා අඩු වන විට උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන බවත් සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක, ශ්‍රිතය ඍණව පවතින 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක, ශ්‍රිතය ධනව පවතින 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b𝑥 + c ආකාරයේ ශ්‍රිතයක් ඇසුරෙන් a𝑥² + b𝑥 + c = 0 සමීකරණයේ මූල සොයන ආකාරය සාකච්ඡා කිරීම
  • y = ± (𝑥 ± b )² + c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය ඇඳීම සඳහා අගය වගුවක් සකස් කර ගන්නා ආකාරය
  • y = ± (𝑥 ± b )² + c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරයක සමමිතික අක්ෂයේ සමීකරණය , ශ්‍රිතයේ අවම අගය සහ හැරුම් ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • y = ± (𝑥 ± b )² + c ආකාරයේ ශ්‍රිතයක අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන අවස්ථා සහ උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන අවස්ථා සාකච්ඡා කිරීම
  • y = ± (𝑥 ± b )² + c ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය 𝑦 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • y = ± (𝑥 ± b )² + c ප්‍රස්තාරය ඇසුරෙන් සංඛ්‍යාවක වර්ගමූලය ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය ඇඳීම සඳහා අගය වගුවක් සකස් කර ගන්නා ආකාරය
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරයක ප්‍රස්තාරය 𝑦 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක සහ ප්‍රස්තාරය 𝑥 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක ලබා ගන්නා ආකාරය
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයේ ශ්‍රිතයක වරහන් දෙකට පිටතින් ධන ලකුණක් ඇත්නම් අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන බවත් වරහන් දෙකට පිටතින් ඍණ ලකුණක් ඇත්නම් උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන බව
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏)ආකාරයේ ශ්‍රිතයක සමමිතික රේඛාවේ සමීකරණය සහ ශ්‍රිතයේ අවම අගය හෝ උපරිම අගය එම සමීකරණය y = ± (𝑥 ± b )² + c ආකාරයට සකස් කිරීමෙන් පහසුවෙන් ලබා ගත හැකි බව
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏)ආකාරයේ ශ්‍රිතයක අවම හෝ උපරිම ලක්ෂ්‍යයේ 𝑥 ඛණ්ඩාංකය සමමිතික රේඛාවේ සමීකරණයේ අගය මගින් ද 𝑦 ඛණ්ඩාංකය ශ්‍රිතයේ අවම අගය හෝ උපරිම අගය මගින් ද ලබා ගත හැකි බව
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏)ආකාරයේ ශ්‍රිතයක සමමිතික රේඛාවේ සමීකරණය 𝑥 =(−(𝑎+𝑏))/2 මගින් ද ප්‍රස්තාරය 𝑥 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක (−𝑎,0) සහ (−𝑏,0)මගින් ද ලබාදෙන බව
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයේ ශ්‍රිතයක අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන විට ප්‍රස්තාරය 𝑦 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක (0,𝑎𝑏) මගින් ද ශ්‍රිතයේ අවම අගය -(a - b )²/4 මගින් ද අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක [(−(𝑎+𝑏))/2 , -(a - b )²/4 ] මගින් ද ලබාදෙන බව
  • 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයේ ශ්‍රිතයක උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් ලැබෙන විට ප්‍රස්තාරය 𝑦 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක (0,-𝑎𝑏) මගින් ද ශ්‍රිතයේ අවම අගය (a - b )²/4 මගින් ද අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක [(−(𝑎+𝑏))/2 , (a - b )²/4] මගින් ද ලබාදෙන බව
  • ඇඳ ඇති ප්‍රස්තාරයක් මගින් එම ශ්‍රිතයේ සමීකරණය 𝑦 = ±(𝑥±𝑎)(𝑥±𝑏) ආකාරයෙන් ප්‍රකාශ කරන ආකාරය
  • දී ඇති 𝑦 හි අගය පරාසයකට අදාල 𝑥 අගය පරාසය සොයා ගන්නා ආකාරය
  • උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් සහිත ශ්‍රිතයක, ශ්‍රිතය ඍණව වැඩි වන,ධනව වැඩි වන, ධනව අඩු වන සහ ඍණව අඩු වන 𝑥 හි අගය පරාස සාකච්ඡා කිරීම
  • අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් සහිත ශ්‍රිතයක, ශ්‍රිතය ධනව අඩු වන, ඍණව අඩු වන, ඍණව වැඩි වන සහ ධනව වැඩි වන 𝑥 හි අගය පරාස සාකච්ඡා කිරීම
  • ප්‍රස්තාර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සමගාමී සමීකරණ යුගලය - A pair of simultaneous equations
  • විසඳුම් - Solutions
  • අගය වගුව - Table of values
  • වීජීය ආකාරය - Algebraic method
  • ඡේදන ලක්ෂ්‍යය - Point of intersect
  • ඛණ්ඩාංක - Coordinates
  • ඛණ්ඩාංක තලය - Coordinate plane
  • සමීකරණය - Equation
  • ශ්‍රිත - Functions
  • පටිපාටිගත යුගල - Ordered pairs
  • සංගුණකය - Coefficient
  • ධනව වැඩිවන - Increases positively
  • ඍණව අඩුවන - Decreases negatively
  • අගය පරාසය - Interval of values
  • මූල - Roots
  • සමමිතික අක්ෂයේ සමීකරණය - Equation of the axis of symmetry
  • 𝑦 අක්ෂය වටා සමමිතික - Symmetric about the y - axis
  • උපරිම ලක්ෂ්‍යය - Maximum point
  • ආදේශය - Substitute
  • අවම අගය - Minimum value
  • අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක - Coordinates of the minimum point
  • ප්‍රස්තාරයේ හැඩය -Shape of the graph
  • පරාවලය - Parabola
  • හැරුම් ලක්ෂ්‍යය / වර්තන ලක්ෂ්‍යය - Turning point
  • ලක්ෂණ - Properties
  • ශ්‍රිතය ඍණව පවතින - Function is negative
  • ශ්‍රිතය ධනව පවතින - Function is positive
  • වර්ගමූලය - Square root
  • ප්‍රස්තාරය 𝑦 අක්ෂය කපන ලක්ෂ්‍යයේ ඛණ්ඩංක - The coordinates of the point at which the function intersects the y axis

Tags