ප්‍රත්‍යක්ෂ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ප්‍රත්‍යක්ෂ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ප්‍රත්‍යක්ෂ යනු මොනවාදැයි හැඳින්වීම
  • ප්‍රත්‍යක්ෂ භාවිතා කරන අවස්ථා හැඳින්වීම
  • රාශි යනු මොනවාදැයි හැඳින්වීම
  • ප්‍රත්‍යක්ෂය 1 යනු එකම රාශියකට සමාන වන රාශි එකක් අනෙකට සමාන වන බවයි
  • ප්‍රත්‍යක්ෂය 2 යනු සමාන රාශිවලට සමාන රාශි එකතු කිරීමෙන් ලැබෙන රාශි ද සමාන වන බවයි
  • ප්‍රත්‍යක්ෂය 3 යනු සමාන රාශිවලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශි ද සමාන වන බවයි
  • ප්‍රත්‍යක්ෂය 4 යනු සමාන රාශිවලින් සමාන රාශි ගුණ කළ විට ලැබෙන රාශි ද සමාන වන බවයි
  • ප්‍රත්‍යක්ෂය 5 යනු සමාන රාශි නිශ්ශුන්‍ය සමාන රාශියන්ගෙන් බෙදූ විට ලැබෙන රාශි ද සමානවන බවයි
  • නිශ්ශුන්‍ය රාශි යනු විශාලත්වය 0 නොවන රාශි බව හැඳින්වීම
  • ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් ගැටලු විසඳීම
  • වීජ ගණිතයේදී ප්‍රත්‍යක්ෂ භාවිතා වන අවස්ථා සාකච්ඡා කිරීම
  • ප්‍රත්‍යක්ෂ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඔප්පු කිරීමකින් තොරව - Without proof
  • ජ්‍යාමිතිය - Geometry
  • වීජ ගණිතය - Algebra
  • රාශි - Quantities
  • සමාන - Equal
  • එකතු කිරීමෙන් - Adding
  • අඩු කිරීමෙන් - Subtracting
  • ගුණ කළ විට - Multiplied by
  • බෙදූ විට - Divided by
  • නිශ්ශුන්‍ය - Nonzero
  • ප්‍රත්‍යක්ෂ වල යෙදීම් - Applications of axioms
  • ගුණිතය - Product
  • ලබ්ධිය - Quotient

Tags