කුලක

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල කුලක පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • කුලකයක් අර්ථ දැක්වීම
  • කුලකයක අවයව අර්ථ දැක්වීම සහ අවයව දැක්වීම සඳහා යොදා ගන්නා සංකේතය හැඳින්වීම
  • කුලකයක ඇති අවයව ගණන සංකේත භාවිතයෙන් දැක්වීම
  • කුලකයක් නිරූපනය කරන ක්‍රම තුන හැඳින්වීම
  • අභිශූන්‍ය කුලක සහ අභිශූන්‍ය කුලක දක්වන සංකේතය හැඳින්වීම
  • පරිමිත කුලක හැඳින්වීම
  • අපරිමිත කුලක හැඳින්වීම
  • සම කුලක සහ සම කුලක දක්වන සංකේතය හැඳින්වීම
  • තුල්‍ය කුලක සහ තුල්‍ය කුලක දක්වන සංකේතය හැඳින්වීම
  • උප කුලක සහ උපකුලකයක් බව දැක්වීමට යොදා ගන්නා සංකේතය හැඳින්වීම
  • සර්වත්‍ර කුලක සහ සර්වත්‍ර කුලක දක්වන සංකේතය හැඳින්වීම
  • කුලකයක උපකුලක ගණන සොයගන්නා ආකාරය හැඳින්වීම
  • සර්වත්‍ර කුලකයක් සහ ඊට අදාල උපකුලකයක් වෙන් රූපසටහනක දැක්වීම
  • වියුක්ත කුලක හැඳින්වීම
  • සම කුලක වෙන් රූපසටහනක දැක්වීම
  • එක් කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාව වෙන් රූපසටහනක දැක්වීම
  • සම කුලකවල, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
  • එක් කුලකයක් තවත් කුලකයක උපකුලකයක් වන අවස්ථාවේ, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
  • වියුක්ත කුලකවල, කුලක ඡේදනය හා කුලක මේලයට අදාල පෙදෙස් අඳුරු කිරීම
  • කුලක දෙකක් වෙන් රූපසටහනක නිරූපණය කිරීමේ සාධාරණ අවස්ථාවේ කුලක මේලය, කුලක ඡේදනය සහ කුලක අනුපූරකයට අදාල පෙදෙස් අඳුරු කිරීම
  • කුලක සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • කුලක - Sets
  • කුලකයක අවයව - Elements
  • ඔත්තේ සංඛ්‍යා - Odd numbers
  • ඉරට්ට සංඛ්‍යා - Even numbers
  • අභිශුණ්‍ය කුලකය - Null set
  • ගුණාකාර - Multiples
  • පරිමිත කුලක - Finite sets
  • අපරිමිත කුලක - Infinite sets
  • සමකුලක - Equal sets
  • තුල්‍ය කුලක - Equivalent sets
  • උපකුලක - Subsets
  • සර්වත්‍ර කුලක - Universal sets
  • පූර්ණ සංඛ්‍යා - Whole numbers
  • වෙන් රූප සටහන - Venn Diagram
  • වියුක්ත කුලක - Disjoint sets
  • කුලක ඡේදනය - Intersection of sets
  • කුලක මේලය - Union of sets
  • කුලක අනුපූරකය - Complement of sets

Tags