පථ හා නිර්මාණ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පථ හා නිර්මාණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • පථයක් යනු යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරාලන පරිදි ඇති ලක්ෂ්‍ය කුලකයක් බව හැඳින්වීම
  • අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් පිහිටන ලක්ෂ්‍යවල පථය වෘත්තයක් බව හැඳින්වීම
  • අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය ක්‍රියාකාරකමක් මගින් ලබා ගන්නා ආකාරය
  • අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන ආකාරය
  • අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය ලම්භ සමච්ඡේදකය බව හැඳින්වීම
  • අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන ආකාරය
  • අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පථය එම සරල රේඛාවට සමාන්තරව එම නියත දුරින් සරල රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙක බව හැඳින්වීම
  • ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය ක්‍රියාකාරකමක් මගින් ලබා ගන්නා ආකාරය
  • ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන ආකාරය
  • ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය කෝණ සමච්ඡේදකය බව හැඳින්වීම
  • රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක් නිර්මාණය කරන ආකාරය
  • රේඛාව මත ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක් නිර්මාණය කරන ආකාරය
  • සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක් නිර්මාණය කරන ආකාරය
  • අංශක 60 කෝණය නිර්මාණය කරන ආකාරය
  • අංශක 120 කෝණය නිර්මාණය කරන ආකාරය
  • අංශක 30 කෝණය නිර්මාණය කරන ආකාරය
  • අංශක 90 කෝණය නිර්මාණය කරන ආකාර දෙකක් සාකච්ඡා කිරීම
  • අංශක 45 කෝණය නිර්මාණය කරන ආකාර දෙකක් සාකච්ඡා කිරීම
  • දෙන ලද කෝණයක් පිටපත් කරන ආකාරය
  • පථ හා නිර්මාණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • අචල ලක්ෂ්‍යය - Fixed point
  • නියත දුර - Constant distance
  • සමදුරින් - Equidistant
  • ලම්භ සමච්ඡේදකය - Perpendicular bisector
  • අචල රේඛාව - Fixed line
  • සමාන්තරව - Parallel
  • දෙපස පිහිටි - On either side of
  • ඡේදනය වන සරල රේඛා - Intersecting straight lines
  • කෝණ සමච්ඡේදකය - Bisector of the angle / Angle bisector
  • වෘත්තය - Circle
  • සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍යය - End point of a straight line
  • කෝණය - Angle
  • ලම්භ රේඛාව - Perpendicular
  • රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට - From an external point of a line
  • රේඛාව මත ලක්ෂ්‍යය - Point on a straight line
  • කෝණයක් පිටපත් කිරීම - Copy an angle

Tags