පරිමාණ රූප

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පරිමාණ රූප පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • දිගංශය හැඳින්වීම
  • දිගංශය උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත දිශාවට පිහිටි කෝණය බව හැඳින්වීම
  • දිගංශය සංඛ්‍යාංක තුනක් සහිතව දක්වන බව හැඳින්වීම
  • ප්‍රධාන දිශා හතරෙහි සහ අනුදිශා හතරෙහි දිගංශය දැක්වීම
  • දිගංශය සොයා ගැනීමට 'කෝණ මනුව' නම් උපකරණය භාවිතා කරන බව හැඳින්වීම
  • කෝණ මනුවක් සකස් කර ගන්නා ආකාරය හැඳින්වීම
  • කෝණ මනුව භාවිතයෙන් කිසියම් ස්ථානයක දිගංශය ලබා ගන්නා ආකාරය පැහැදිලි කිරීම
  • තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය යනු කුමක් දැයි හැඳින්වීම
  • තිරස් තලයේ පරිමාණ රූප වල පරිමාණය ඇසුරෙන් පරිමාණ රූපයෙන් දක්වා ඇති දුර සහ සැබෑ දුර අතර සම්බන්ධය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දිගංශය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • දී ඇති පරිමාණය අනුව සැබෑ දුර ඇසුරෙන් පරිමාණ රූපය ඇඳීමට අදාල දුර ගණනය කර ගන්නා ආකාරය
  • දී ඇති තොරතුරු අනුව තිරස් තලයේ පිහිටීම් වල දිගංශය අනුව පරිමාණ රූපය අඳින ආකාරය
  • දී ඇති පරිමාණය අනුව පරිමාණ රූපයේ ඇති දුර ඇසුරෙන් සැබෑ දුර ගණනය කර ගන්නා ආකාරය
  • පරිමාණ රූපයක් ඇසුරෙන් දී ඇති ස්ථානයකට අදාල පිහිටීම වෙනත් ස්ථානයක සිට දිගංශය සහ දුර ඇසුරෙන් ප්‍රකාශ කරන ආකාරය
  • මාර්ග සිතියමකින් දී ඇති ස්ථාන දෙකක් අතර පරිමාණ රූපයේ දුර සහ සැබෑ දුර සොයා ගන්න ආකාරය
  • දිගංශය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • පරිමාණ රූප සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • දිගංශය - Bearing
  • දිශාව - Direction
  • උතුර - North
  • දකුණ - South
  • නැගෙනහිර - East
  • බස්නාහිර - West
  • ඊසාන - Northeast
  • ගිනිකොන - Southeast
  • නිරිත - Southwest
  • වයඹ - Northwest
  • දක්ෂිණාවර්ත - Clockwise
  • කෝණය - Angle
  • සංඛ්‍යාංක - Digits
  • ප්‍රධාන දිශා - Main directions/Cardinal directions
  • අනුදිශා - Sub-directions/Intermediate directions
  • ලක්ෂ්‍යක් වටා කෝණවල එකතුව - Sum of the angles around a point
  • කෝණ මනුව - Clinometer
  • තිරස් තලයේ පරිමාණ රූප - Scale diagrams in a horizontal plane
  • සැබෑ දුර - Actual distance
  • අනුපාතය - Ratio
  • පරිමාණය - Scale
  • දළ රූප සටහන - A rough sketch
  • කෝණමානය - Protractor
  • සරල දාරය - Straight edge
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation
  • වරාය - Harbour
  • මාර්ග සිතියම - A road map

Tags