වටැයීම හා විද්‍යාත්මක අංකනය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වටැයීම හා විද්‍යාත්මක අංකනය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • විද්‍යාත්මක අංකනය යනු කුමක්දැයි හැඳින්වීම
  • කිසියම් සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනයෙන් ලිවීමේදී ඉදිරියෙන් ලියන සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විය යුතු අතර ඉන්පසු ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධ වී දෙවන කොටස දහයේ බලයක් ලෙස ලිවිය යුතු බව හැඳින්වීම
  • 10⁰ = 1 බව හැඳින්වීම
  • 1 ට වැඩි සංඛ්‍යවක් විද්‍යාත්මක අංකනයෙන් දැක්වීම
  • 0 ත් 1 ත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකනයෙන් දැක්වීම
  • විද්‍යාත්මක අංකනයෙන් දැක්වෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කිරීම
  • සංඛ්‍යාවක් ආසන්න 10 ට වටැයීම
  • සංඛ්‍යාවක් ආසන්න 100 ට වටැයීම
  • සංඛ්‍යාවක් ආසන්න 1000 ට වටැයීම
  • දශම සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටැයීම
  • දශම සංඛ්‍යා ආසන්න පළමු දශමස්ථානයට වටැයීම
  • දශම සංඛ්‍යා ආසන්න දෙවන දශමස්ථානයට වටැයීම
  • දශම සංඛ්‍යා ආසන්න තුන්වන දශමස්ථානයට වටැයීම
  • වටැයීම හා විද්‍යාත්මක අංකනය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඉලක්කම් - Digits
  • ගණනය කිරීම් - Computations / Calculations
  • 10 හි බල - Power of 10
  • නිඛිල - Integers
  • 1ත් 10ත් අතර - Between 1 and 10
  • දර්ශකය - Index
  • ගුණිතය - Product
  • ධන - Positive
  • ඍණ - Negative
  • සාමාන්‍ය ආකාරය - General form
  • පරිවර්තනය - Convert
  • දශම තිත - Decimal point
  • ආසන්න 10 - Nearest 10
  • ආසන්න පූර්ණ සංඛ්‍යාවට - Nearest whole number
  • ආසන්න පළමු දශමස්ථානයට - Nearest first decimal place

Tags